Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Health»භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට UAE වෙතින් ජංගම රෝහලක්
Health

භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට UAE වෙතින් ජංගම රෝහලක්

Stanly KularathnaBy Stanly KularathnaFebruary 12, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

තුර්කියට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් දරුණුතම හානියට පත් ප්‍රදේශයක් වන Gaziantep හි Islahiye දිස්ත්‍රික්කයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘Gallant Knight / 2’ මෙහෙයුමේ සෙවීම් සහ මුදාගැනීමේ කණ්ඩායම් විසින් ජංගම රෝහලක් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතිනවා.

එහි පළමු අදියරේදී,  රෝහල මගින් ආපදාවෙන් පීඩාවට පත් වූවන්ට රෝග විනිශ්චය සේවා සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනු ඇත. එහි හදිසි අනතුරු අංශ, මෙහෙයුම් කාමර, දැඩි සත්කාර ඒකක, CT ස්කෑන්, සහ විෂබීජහරණ පහසුකම් වලින් සමන්විත වෙනවා.

එහි දෙව​න අදියරේදී රෝහල රසායනාගාරයක්, එක්ස් කිරණ පහසුකම්, ෆාමසියක්, දන්ත වෛද්‍ය අංශයක්, බාහිර රෝගී සායන, ඇඳන් 50ක ධාරිතාවයකින් යුත් නේවාසික ප්‍රතිකාර වාට්ටු ඇතුළත් වන පරිදි සිය සේවාවන් පුළුල් කරනු ඇත.

විවිධ විශේෂඥ වෛද්‍යවරුන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, හෙදියන් 60 දෙනෙකු සහ වෛද්‍ය උපකරණ කාර්මික ශිල්පීන් විසින් රෝහලේ මෙහෙයුම් අධීක්ෂණය කරනු ලබන අතර එ​මරාති සෞඛ්‍ය සේවා වෘත්තිකයන් වෛද්‍ය සහාය ලබා දෙනු ඇත.

මෙම රෝහල තුර්කියට සහ සිරියාවට ව්‍යසනය ඇති වූ වහාම එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ක්‍රියාත්මක කරන ලද සහනසේවා වැඩසටහන​ට ඇතුලත් වෙනවා.

මේ වන විට ආධාර රැගත් ගුවන් යානා 27ක් දෙරටට යවා ඇති අතර, තවත් ජීවිත බේරා ගැනීමේ අපේක්ෂාවෙන් සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් පැය විසිහතර පුරා වැඩ කරමින් සිටිති. පැය 120කට ආසන්න කාලයක් සුන්බුන් යට සිරවී සිටි 11 හැවිරිදි දරුවෙකු සහ වයෝවෘද්ධ පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ කාර්ය මණ්ඩලය විසින් බේරාගෙන තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ස්වේච්ඡා සේවකයන්, මානුෂීය සංවිධාන සහ රාජ්‍ය ආයතන සහන බලමුලු ගැන්වීම සඳහා එක්වෙමින් සිටිති. එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් විසින් ‘Bridges of Good’ ප්‍රචාරණ ව්‍යාපාරයක් මෙහෙයවන අතර, එමගින් නිවැසියන්ට උපකාර පිරිනැමිය හැකිය.

Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleRTA, ඩුබායි මැරතන් තරග​ය සඳහා මාර්ග වසා දැමීමක් නිවේදනය කරයි
Next Article අබුඩාබිහි දූපත් දෙකක් සම්බන්ධ කරන කිලෝමීටර් 11 ක සුපිරි අධිවේගී මාර්ගය විවෘත වේ
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.