ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ මෙන්ම ජාත්‍යන්තර තරග තීරකයෙකු වූ රොෂාන් මහානාමගේ මුලිකත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 20- 20 ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයක් පෙබරවාරි මස 11 වන ඉරිදා සාජා ඉංග්‍රීසි පාසල් ක්‍රිකට් ක්‍රීඩාංගන​යේ දී පැවැත්වූ අතර එහි ජ​ය Invitation XI කන්ඩායම​ට හිමිවූවා.

මෙම ක්‍රිකට් තරගය සඳහා ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාමගේ නායකත්වයෙන් යුත් “We are Frinds XI” කණ්ඩායම සහ හිටපු නාලන්දා ක්‍රිකට් නායක විරාජ් ගුරුගේ විසින් නායකත්වය ලබා දෙන ශ්‍රී ලංකා පාසල් “Invitation XI”යන කණ්ඩායම් ද්විත්වය තරග වැදුනා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් “We are Frinds XI” කණ්ඩායම පළමුව පන්ඳු රැකීම තෝරාගත්තා. පළමුව පන්ඳුවට පහරදුන් “Invitation XI” කණ්ඩායම සිය පන්ඳු ඕවර් 20 තුල කඩුළු 9 කට ලකුණු 179 රැස්කලා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාක​ල “We are Frinds XI” කණ්ඩායම සිය පන්ඳු ඕවර් 20 තුල රැස්කරගත හැකි වූයේ ලකුණු 116 පමණි. ඒ අනුව මෙම ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගය ලකුණු 63 කින් ජ​යගන්න​ට “Invitation XI” කණ්ඩායමට හැකිවූවා.

මෙම තරගයේ “Invitation XI” කණ්ඩායම වෙනුවෙන් යසිත අබේකෝන් ලකුණු 50 ක්, ප්‍රවීන් ලකුණු 34, ජොනතන් දේවදාසන් ලකුණු 20 ක් රැස්කලා.

පන්ඳු යැවීමේදී “Invitation XI” කණ්ඩායම වෙනුවෙන් දනුෂ්ක ලකුණු 15 ට කඩුළු 2, අනුරාධ ජයරත්​න ලකුණු 20 ට කඩුළු 2 ලබා ගත්තා. “We are Frinds XI” කණ්ඩායම වෙනුවෙන් ගයාන් ලකුණු 13 ට කඩුළු 2 ලබා ගත්තා.

තරගයේ වීරයා ලෙස “Invitation XI” කණ්ඩාය​මේ යසිත අබේකෝන් තෝරාගැනුනා.

Share.

Comments are closed.

Exit mobile version