සංචලනය සඳහා හයිඩ්‍රජන් භාවිතා කිරීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා ඩුබායි බලධාරීන් ගිවිසුමක් අත්සන් කොට තිබෙනවා. එම ව්‍යාපෘතියට හයිඩ්‍රජන් ඉන්ධන මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් ඇතුළත් වෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අරමුණ වන්නේ හයිඩ්‍රජන් ආර්ථිකය දියුණු කිරීම සහ හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියාත්මක වන වාහන සඳහා දේශීය වෙළෙඳපොළ විවෘත කිරීමයි.

ඒකාබද්ධ නියමු ව්‍යාපෘතිය ස්ථාපිත කිරීම, සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයට සහයෝගය දැක්වීම​ට ඩුබායි විදුලිබල හා ජල අධිකාරිය (DEWA) සහ ENOC ගිවිසුම 2023 ලෝක රාජ්‍ය සමුළුවේ පළමු දිනයේ දී අත්සන් කරන ලදී.

මෙම ඒකාබද්ධ ව්‍යාපෘතිය සඳහා Mohammed bin Rashid Al Maktoum Solar Park හි දැනට පවතින DEWAට අයත් හරිත හයිඩ්‍රජන් නිෂ්පාදන පහසුකම සහ ENOC හි “ඉන්ධන වෙළඳපොළ පිළිබඳ දැනුම සහ පාරිභෝගිකයින් වෙත ළඟා වීම” සඳහා ඇති පලපුරුද්​ද භාවිතා කරනු ඇත.

DEWA හි කළමණාකාර අධ්‍යක්ෂ​ක සහ ප්‍රධාන විධායක නිලධාරී Saeed Mohammed Al Tayer පැවසුවේ “හරිත හයිඩ්‍රජන් ව්‍යාපෘතිය UAE හි COP28 සත්කාරකත්වය සඳහා සහාය වන අතර, තිරසාරත්වය සඳහා ඩුබායි හි ස්ථිර කැපවීම සහ බලශක්ති සහ දේශගුණික විපර්යාස ගැටළු සඳහා එහි නොසැලෙන සහයෝගය සහ අපගේ දැක්මට අනුකූල වේ. අපගේ අරමු​ණ 2050 වන විට ශුද්ධ-ශුන්‍යය සාක්ෂාත් කර ගැනීමට කැපවී සිටින ගෝලීය වශයෙන් ප්‍රමුඛ පෙළේ තිරසාර නවෝත්පාදන ආයතනයක් වීමයි.

අදියර වශයෙන් ක්‍රියාත්මක කෙරෙන හරිත හයිඩ්‍රජන් උපාය මාර්ගයක් සඳහා මාර්ග සිතියමක් සකස් කිරීමට මෙන්ම බලශක්ති ප්‍රභවයන් විවිධාංගීකරණය කිරීමට සහ ආයෝජන වැඩි කිරීමට අපගේ උපාය මාර්ගය සකස් කිරීමට අපි ස්ථාවරව ගමන් කරමින් සිටිමු”

ඩුබායි හි Clean Energy Strategy 2050 සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් පෝෂණය කිරීමේ එහි ප්‍රයත්නයන් සමඟ ගිවිසුම එකඟ වන බව ENOC සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී Saif Humaid Al Falasi පැවසීය.

Share.

Comments are closed.