Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Rank»අබුඩාබි සාදියත් දූපත් මැදපෙරදිග #BestBeach ගමනාන්තය ලෙස අඛණ්ඩව 11 වන වසරටත්
Rank

අබුඩාබි සාදියත් දූපත් මැදපෙරදිග #BestBeach ගමනාන්තය ලෙස අඛණ්ඩව 11 වන වසරටත්

Stanly KularathnaBy Stanly KularathnaFebruary 14, 2023Updated:February 14, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මැදපෙරදිග #BestBeach ගමනාන්තය ලෙස එහි ස්ථානය යළි තහවුරු කරමින්, ලෝක සංචාරක සම්මාන මගින් අඛණ්ඩව 11 වන වසරටත්, Saadiyat Island Abu Dhabi “මැදපෙරදිග ප්‍රමුඛ වෙරළ ගමනාන්තය” ලෙස සම්මානයට පාත්‍ර වී ඇත.

මැදපෙරදිග ප්‍රමුඛතම සහ සම්මානලාභී වෙරළ ගමනාන්තය වන Saadiyat Island Abu Dhabi, අමුත්තන්ට අද්විතීය සහ ප්‍රබෝධමත් අත්දැකීම් ලබා දෙන අතර, ඔවුන් පරිවර්තනීය ගමනකට රැගෙන යාමට සහතික වේ.

“Saadiyat Island Abu Dhabi වසර 11ක් අඛණ්ඩව ‘Middle East’s Leading Beach Destination’ සඳහා වන World Travel Award මගින් මැදපෙරදිග හොඳම වෙරළ තීරයක් සඳහා තවදුරටත් තහවුරු වූ කීර්තියක් ලබා ගැනීම රහසක් නොවේ. අපි අමුත්තන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්​​ට විවේක ගැනීමට සහ සත්කාරයන් අත්විඳීමට අබුඩාබි සාදියත් දූපත් වෙත සාදරයෙන් පිළිගනිමු. මෙය සැබවින්ම ඔබේ ඉන්ද්‍රියයන් පුනර්ජීවනය කිරීමට සහ ඔබේ මන​ස සැහැල්ලු කිරීමට ස්ථානයක් වෙනවා.” Miral Destinations හි ප්‍රධාන විධායක නිලධාරී Liam Findlay පැවසුවා.

Saadiyat Island Abu Dhabi හි දිවයිනේ තරු පහේ නිවාඩු නිකේතන රාශියක්, සශ්‍රීක හරිතයන් සහ සන්සුන් නිල්වන් මුහුදු වෙරළ තීරයන් සමඟින් උපරිම වෙරළ අත්දැකීමක් ලබා දෙයි. තවද, Saadiyat Island Abu Dhabi යනු වනජීවී සහ සාගර ජීවීන් සඳහා ආරක්ෂිත තෝතැන්නක් වන අතර අමුත්තන්ට මෙම සතුන් ඔවුන්ගේ ස්වභාවික වාසස්ථානවලදී දැක ගත හැකියි. ඇරබියන් ගැසල් නමැති මුව විශේෂය බොහෝ විට Saadiyat වෙරළ තීරයේ ගොල්ෆ් ක්ලබ් අවට සැරිසරනු දක්නට ලැබෙනවා. සාදියත් දූපතේ පෞරාණික වෙරළ තීරයේ සෘතුමය වශයෙන් කූඩු සාද​න වඳවීමේ තර්ජනයට ලක්ව ඇති උකුසු කැස්බෑවා දැක ගත හැකිය.

සංස්කෘතික දිස්ත්‍රික්කයේ, නිර්මාණාත්මක ස​හ කලාත්මක නිර්මාණ  එළිදැක්වීම සඳහා නිමවා ඇති අවකාශයක් වන Manarat Al Saadiyat හි අමුත්තන්ගේ ආකර්ශනය දිනා ඇති අතර වසර පුරා සංස්කෘතික ක්‍රියාකාරකම්, අන්තර් ක්‍රියාකාරී ප්‍රදර්ශන, චිත්‍ර පන්ති සහ ප්‍රජා සිදුවීම් සහ ප්‍රසංග රාශියක් ඉදිරිපත් කරයි. සංකේතාත්මක Louvre Abu Dhabi හි විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පය සහ මහජනතාව සඳහා විවෘතව ඇති කලා කෘති එකතුවකින් ද සමන්විත වේ.

මීට අමතරව, සම්මානලාභී Saadiyat Island Abu Dhabi යනු යෝග සහ සුවතා පිරිනැමීම් සහිත පුනර්ජීවන සුව ගමනාන්තයකි. Saadiyat Island Abu Dhabi හරහා ඇති ස්පා යනු සෞඛ්‍යය, යෝග්‍යතාවය සහ රූපලාවන්‍ය පිළිබඳ නව්‍ය, සර්ව සම්පූර්ණ එකතුවකි.

Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි හි හයිඩ්‍රජන් ඉන්ධන මධ්‍යස්ථානයක් ඉදිකිරීම​ට ශක්‍යතා අධ්‍යයනයක්
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා WGS 2023 හිදී ලෝක නායකයින්, නියෝජිත කණ්ඩායම් ප්‍රධානීන් හමුවෙයි
Stanly Kularathna

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.