විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමට කඩිනම් පියවර ගන්නා බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

ඕමානයේ සිව් දින නිල සංචාරයක නිරත ව සිටින අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවේදී ඇමතිවරයා මෙම සහතිකය ලබා දී තිබෙනවා.

එම සාකච්ඡාවේදී ඕමානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමේදී ඇතිවන කාර්​යපටිපාටි​යේ ප්‍රමාදයන් වළක්වා ගැනීම පිණිස, විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කිරීමට පියවර ගන්නා ලෙස ඕමානයේ සිටින ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීන් ඉල්ලීමක් කර තිබෙනවා.

එහිදී ශ්‍රමිකයන් බඳවා ගැනීමේ දී ගත යුතු අනුමැතීන් ලබා ගැනීමට විශාල දුරක් ගෙවා තානාපති කාර්යාලයට පුද්ගලිකව පැමිණිමට සිදුවන බවත් එයට විශාල කාලයක් වැය කිරීමට සිදුව ඇති බවත් ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීන් ඇමතිවරයාට පෙන්වා දී ඇත.

මේ අතර, ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේදී දූරස්ථ ක්‍රමයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව පමණක් බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙහිදී එකඟතාවකට පැමිණ තිබේ.

Share.

Comments are closed.