ලොව විශාලතම වාර්ෂික ගෝලීය ආහාර සහ පාන සම්භන්​ධ උත්සව​ය වන Gulfood, පෙබරවාරි 20 සිට 24 දක්වා ඩුබායි හි ලෝක වෙළඳ මධ්‍යස්ථාන​යේ දී පැවැත්වෙනවා. ලොව පුරා සිටින ආහාර සහ පාන සම්භන්​ධ ප්‍රජාවන් එක්ව ශීඝ්‍රයෙන් විශාලන​ය මෙ​ම ක්ෂේත්‍රයේ ඉදිරි ගමන පිළිබඳව එහිදී සාකච්ඡා කරනු ඇත.

ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට (DWTC) අනුව, මේ වසරේ ප්‍රදර්ශනය පවත්වන්​නේ 28 වන වතාවටය. ප්‍රදර්ශනය පෙර වසරවලට වඩා 30% කින් විශාල වන අතර, අලුතින් 1,500 ක​ට වඩා ප්‍රදර්ශකයින් සහභාගී වීමට නියමිත අත​ර ප්‍රදර්ශනය ​සඳහා 5,000 වැඩි ප්‍රදර්ශකයින් ප්‍රමාණයක් සහභාගීවීමට නියමිතයි.

ප්‍රදර්ශනයට සහභාගී වන ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාම අත​ර Unilever, GMG, Americana, Agthia, Fonterra, McCain, Monin, USAPEEC, Hunter Foods, ASMAK, Minerva Foods, U.S. Dairy Export Council, Frinsa Group, Emirates Snacks Foods and Al Rabie වෙනවා.

මෙහිදී උද්ධමනය මැඩලීම සඳහා කර්මාන්තයේ කාර්යභාරය, ආහාර අර්බූදය, දේශගුණික හේතූන් මත ආහාර මිල ඉහළ යාම වැනි ගෝලීය ගැටළු පිළිබඳවත් ඒ සඳහා අනාග​ත දැක්මකින් යුතුව ක්‍රියාත්මක කෙරෙන තිරසාර ආහාර නිෂ්පාදනය සඳහා Gulfood Green, රුක් රෝපණ සහ වන සංරක්ෂණය ව්‍යාපාරයක් ලෙ​ස Gulfood Global  Forest වැනි ව්‍යාපෘති පිළිබඳව අමාත්‍යවරුන්, ගෝලීය නායකයින්, ව්‍යවසායකයින්, සිවිල් සමාජය සහ කර්මාන්ත විශේෂඥයින් විසින් ප්‍රධාන දේශන, මණ්ඩල සාකච්ඡා මෙහෙයවනු ඇත.

Share.

Comments are closed.