ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ (DXB) වසර 2022 දී වාර්ෂික මගී සංඛ්‍යාව මිලියන 66 දක්වා ඉහළ ගොස් ඇති අතර ශක්තිමත් හා ප්‍රකෘතිමත් පාරිභෝගික පදනමක් සමග වසරේ හතරවන කාර්තුව නිරන්තර වර්ධනයක් පෙන්වා ඇත.
DXB විසින් 2022 දී මුළු මගීන් 66,069,981ක් පිළිගනු ලැබූ අතර එය වසරින් වසර 127% ක වර්ධනයකි. 2021 සිව්වන කාර්තුවට සාපේක්ෂව 67% කින් ගුවන් තොටුපොලේ මගීන් 19,729,155 ක් වාර් තා කළ වසරේ අවසාන කාර්තුවේ දී ප්‍රබල වර්ධනය සමග ගමනාගමන පරිමාව වැඩි විය. එය 2019 වසරේ සිට කාර්යබහුලම කාර්තුව විය. දෙසැම්බර් මාසය මගීන් මිලියන 7.1ක් සමග වසරේ කාර්යබහුලම මාසය වාර්තා කලා. 2020 ජනවාරි මාසයෙන් පසු DXB හි මාසික ගමනාගමනය මිලියන 7 සීමාවට පැමිණි පළමු අවස්ථාව මෙය වෙනවා.
මගී ප්‍රමාණය අනුව DXB සඳහා ඉහළම ගමනාන්ත රට ලෙස ඉන්දියාව සිය ස්ථානය රඳවා ගෙන ඇති අතර, මුළු ගමනාගමනය මිලියන 9.8 ක් ද, සෞදි අරාබිය මගීන් මිලියන 4.9 ක් ද, එක්සත් රාජධානිය මගීන් මිලියන 4.6 ක් ද DXB වෙත පැමිණ ඇත. සැලකිය යුතු අනෙකුත් ගමනාන්ත රටවල් අතර පකිස්ථානය (මගීන් මිලියන 3.7) එක්සත් ජනපදය (මිලියන 3), සහ රුසියාව (මිලියන 1.9), තුර්කිය (මිලියන 1.6) සමඟ 2019 මට්ටමට සාපේක්ෂව මගී පරිමාවෙන් 100% කට වඩා වැඩි ප්‍රකෘතියක් වාර්තා කර ඇත.
2022 දී DXB හි ඉහළම ගමනාන්ත නගර වූයේ මිලියන 3ක් මගීන් සිටින ලන්ඩන්ය, රියාද් (මිලියන 2), මුම්බායි (මිලියන 1.9) සහ ජෙඩා සහ නවදිල්ලිය යන දෙකම මගීන් මිලියන 1.7 ක් බැගින් වෙනවා.DXB දැනට ජාත්‍යන්තර ගුවන්සේවා 88කට වඩා වැඩි ප්‍රමාණයක් රටවල් 99ක් හරහා ගමනාන්ත 229කට සම්බන්ධ වී ඇත.
ගුවන් ගමන්
සිව්වන කාර් තුවේදී DXB හි සම්පූර් ණ ගුවන් ගමන් වාර 96,701 ක් වූ අතර එය වාර් ෂික ගුවන් ගමන් වාර 343,339 දක්වා ගෙන එන අතර එය වසරින් වසර 47% ක වර් ධනයකි. එක් ගුවන් යානයක සාමාන්‍ය මගීන් සංඛ්‍යාව 204 දක්වා ළඟා වූ අතර එය වසරින් වසර 33% ක වැඩි වීමකි.
ගුවන් බඩු
2021 සිව්වන කාර්තුවේදී ටොන් 614,834 හා 2022 සිව්වන කාර්තුවේ දී වාර්තා වූ ටොන් 420,125 ක් සමඟින් සසඳන විට භාණ්ඩ පරිමාවේ 31.7% ක අඩුවීමක් වාර්තා විය. ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොල 2022 තුළ භාණ්ඩ ටොන් 1,727,815 ක් හසුරුවා ඇති අතර, එහි ප්‍රධාන ප්‍රතිඵලය 25% කින් පහත වැටීමකි.
ගමන් මලු සහ පොරොත්තු කාලය
DXB හි ගමන් මලු හැසිරවීමේ පද්ධතිය 2022 දී 99.8% ක සාර්ථකත්ව අනුපාතයක් සමඟ මුළු බෑග් මිලියන 62.2 ක් හසුරවන ලදි. පැමිණීමේදී සියලුම ගමන් මලුවලින් 92%ක් මිනිත්තු 45ක් ඇතුළත පාරිභෝගිකයන් වෙත ලබා දී තිබෙනවා