Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Transport»එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දුම්රිය ජාලය දියත් කරයි
Transport

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දුම්රිය ජාලය දියත් කරයි

Stanly KularathnaBy Stanly KularathnaFebruary 24, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අබුඩාබි හි අල් ෆායා කලාපයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දුම්රිය ජාලයේ පාලන සහ නඩත්තු කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයේදී සමාරම්භක අවස්ථාව අද ඩුබායි හි උප ජනාධිපති, අගමැති සහ පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් ප්‍රධානත්වයෙන් සිදුවි​ය.

අභිලාෂකාමී සංවර්ධන ව්‍යාපෘතිය කලාපයේ විශාලතම යටිතල පහසුකම් ව්‍යාපෘතිවලින් එකක් වන අතර එමිරේට්ස් හත ප්‍රධාන දුම්රිය ජාලයක් සමඟ සම්බන්ධ කිරීම අරමුණු කරයි.

ජාතික දුම්රිය ජාලය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංවර්ධන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් බවත්, අනාගතය සඳහා රටේ සූදානම ශක්තිමත් කිරීමට දායක වන අභිලාෂකාමී ව්‍යාපෘතියක් බවත් ඩුබායි හි උප ජනාධිපති, අගමැති සහ පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් තහවුරු කර තිබෙනවා.

“අපේ ජාතික ආර්ථිකය තවත් ඉහළට ගෙන යන අභිලාෂකාමී උපායමාර්ගික ව්‍යාපෘතියක් ගොඩනැගීමට වසර ගණනාවක් පුරා වෙහෙස මහන්සි වී වැඩ කළ අපගේ දූ පුතුන්ගේ කාර්ය සාධනය ගැන අපි ආඩම්බර වෙමු.” අතිගරු ෂෙයික් මොහොමඩ් පැවසුවා.

“ජාතික දුම්රිය ජාලයක් හරහා එමිරේට්ස් සම්බන්ධ කිරීම අපගේ හැකියාවන් සහ තරඟකාරිත්වය ශක්තිමත් කරන අතර අපගේ එකමුතුකම තහවුරු කරයි” යනුවෙන්ද ඔහු පැවසීය.

සමාරම්භක උත්සවයට ඩුබායිහි ඔටුන්න හිමි කුමරු අතිගරු ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්, නියෝජ්‍ය අගමැති සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අතිගරු ලුතිනන් ජෙනරාල් ෂෙයික් සයිෆ් බින් සයීඩ් අල් නහියන්, අබුඩාබි විධායක කවුන්සිලයේ සාමාජික අතිගරු ෂෙයික් හමෙඩ් බින් සයීඩ් අල් නහියන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද සහභාගී විය.

කලාපයේ නවීනතම භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ඇණියට වාර්ෂිකව භාණ්ඩ ටොන් මිලියන 60 ක ධාරිතාවක් සහිත දුම්රිය එන්ජින් 38 ක් සහ බහුකාර්ය කට්ට​ල 1,000 කට වඩා ඇතුළත් වේ.

සෑම භාණ්ඩ ප්‍රවාහන දුම්රියකම එන්ජිම කිලෝවොට් 3,400කට සමාන අශ්වබල 4,500ක බලයකින් ක්‍රියාත්මක වේ. එය මැදපෙරදිග ඇති බලවත්ම භාණ්ඩ ප්‍රවාහන දුම්රිය එන්ජිමකි.

භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පැයට කිලෝමීටර 120 දක්වා ධාවනය වේ. සම්මත දුම්රිය පළල මීටර් 1,435 ක් වෙනවා.

එය විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ GCC කලාපයේ භූගෝලීය ස්වභාවය, දේශගුණික තත්ත්වයන්, ඉහළ උෂ්ණත්වයන් සහ ආර්ද්‍රතාවයට ඔරොත්තු දීම සඳහාත්, ඉහළ මට්ටමේ කාර්ය සාධනය, කාර්යක්ෂමතාව සහ තිරසාර බවත් සැලකිල්ලට ගනිමිනි.

භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ප්‍රධාන වරායන් 4ක් සම්බන්ධ කරයි. දුම්රිය සහ ඒ ආශ්‍රිත ව්‍යාපාර සඳහා සේවා සැපයීමට රට පුරා සැපයුම් මධ්‍යස්ථාන 7 ක් එයට ඇතුළත් වේ.

මෙම ජාලයට Ruwais, Industrial City of Abu Dhabi (ICAD), Khalifa Port, Dubai Industrial City, Jebel Ali Port, Al Ghail සහ Fujairah වරායේ පිහිටි ආරෝපණ මධ්‍යස්ථාන ගණනාවක් ද ඇතුළත් වේ. මෙම ස්ථාන දේශීය හා ප්‍රාදේශීය බෙදාහැරීම් සහ සැපයුම් සේවා මෙන්ම රේගු ගබඩා සහ ස්ථානීය භාණ්ඩ පරීක්ෂා කිරීමේ සේවා සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයකි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දුම්රිය ජාලය ඛනිජ රසායන ද්‍රව්‍ය, අමු වානේ, හුණුගල්, සිමෙන්ති, ගොඩනැගිලි ද්‍රව්‍ය, කාර් මික සහ ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය, ඇලුමිනියම්, ආහාර ද්‍රව්‍ය සහ සාමාන්‍ය භාණ්ඩ ඇතුළු සියලු වර්ගවල භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ හැකියාව හේතුවෙන් ආයෝජකයින් සහ පාරිභෝගිකයින් සඳහා විසඳුම් ලබා දෙනු ඇත.

Abu Dhabi Dubai Featured Middle East Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදින 90 ක සංචාරය වීසා බලපත්‍රය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන් හට නැවතත් හදුන්වා දෙයි
Next Article 14 වෙනි වරටත් පැවැත්වෙන ඕල්කට් අනුස්මරණ කුසලානය මහා ක්‍රිකට් තර​ඟය
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.