Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ඩුබායිහි උත්සව ප්‍රවේශපත්‍ර සඳහා අයකල 10 % ගාස්තුව ඉවත් කරයි
Events

ඩුබායිහි උත්සව ප්‍රවේශපත්‍ර සඳහා අයකල 10 % ගාස්තුව ඉවත් කරයි

Stanly KularathnaBy Stanly KularathnaFebruary 25, 2023Updated:February 25, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායිහි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් විසින් නිකුත් කරන ලද නව නියෝගයකට අනුව, ඩුබායිහි තවදුරටත් උත්සව ටිකට් අලෙවියෙන් 10 % ක් අ​ය නොකරනු ඇත.

ඩුබායි හි උත්සව සඳහා eLicensing සහ eTicketing පද්ධතියට අදාළව 2013 අංක 25 දරන නියෝගයේ සමහර විධිවිධාන සංශෝධනය කරමින් අතිගරු ෂෙයික් මොහොමඩ් විසින් 2023 අංක (5) නියෝගය නිකුත් කරන බව නිවේදනය කොට ඇ​ත.

නව නියෝගයේ විධිවිධාන යටතේ, ඩුබායි හි ආර්ථික හා සංචාරක දෙපාර්තමේන්තුව (DET) විසින් කලින් නියෝගයේ දක්වා ඇති පරිදි, විකුණන ලද ටිකට් පතක සත්‍ය හෝ ඇස්තමේන්තුගත වටිනාකමින් 10% ක් හෝ එක් පුද්ගලයෙක් සඳහා ඩිරාම් 10 ක් දක්වා අය කිරීම ඉවත් කර ඇත. කෙසේ වෙතත්, එය E-Permit සහ E-Ticketing පද්ධතියට වාර්ෂික දායකත්වය සඳහා ගාස්තු අය කිරීම දිගටම සිදු කරනු ඇත.

මෙම නියෝගය ඩුබායි හි ආර්ථික තරඟකාරිත්වය ඉහළ නැංවීම, වර්ධනයට හිතකර ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම සහ අංශ හරහා ප්‍රමිතීන් තවදුරටත් ඉහළ නැංවීම සඳහා ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් විසින් නිකුත් කරන ලද යෝජනා මාලාවකින් එකකි.

මෑතකදී, ඩුබායි පාලකයා විසින් ආර්ථික හා සංචාරක දෙපාර්තමේන්තුවට අනුබද්ධ නව සංස්ථා පිහිටුවීමට යෝජනාවක් නිකුත් කරන ලද අතර, එමගින් ව්‍යාපාරික ආකර්ෂණය, සංවර්ධන මුලපිරීම්, ව්‍යාපාර කිරීමේ පහසුව, පාරිභෝගික ආරක්ෂාව සහ ආංශික පාලනය ඇතුළු ප්‍රධාන ආර්ථික වර්ධන​යන් වැඩි දියුණු කිරීම බලාපොරොත්තු ​වේ.

ඩුබායිහි උත්සව සහ සිල්ලර සංවිධා​න ප්‍රධාන විධායක නිලධාරී Ahmed Al Khaja, පැවසුවේ “ඩුබායි නායකත්වය උත්ස​ව ක්ෂේත්‍රය​ සංවර්ධනය කිරීමට සහ තිරසාර ආර්ථික සංවර්ධනය සඳහා එහි දායකත්වය ඉහළ නැංවීමට අඛණ්ඩ සහාය ලබා දෙන බවයි. මෙම අංශයේ වැදගත්කම නැවත තහවුරු කරන නියාමන සංශෝධන, විනෝදාස්වාද ක්‍රියාකාරකම් සහ උත්සවවල වර්ධනයට ප්‍රබල තල්ලුවක් සපයන අතර ඩුබායි වෙත වැඩි නරඹන්නන් පිරිසක් ආකර්ෂණය කර ගත හැකි සුවිශේෂී සිදුවීම් සංවිධානය කිරීමට උත්ස​ව සමාගම් දිරිමත් කරයි.

“ඩුබායි හි ව්‍යවස්ථාදායක රාමුවේ නම්‍යශීලීභාවය ඩුබායි ආර්ථික න්‍යාය පත්‍රයේ D33 හි අරමුණු සාක්ෂාත් කර ගැනීමට DET දරන උත්සාහයට සහාය වේ. ව්‍යාපාරික අංශයේ තරඟකාරිත්වය වැඩි කිරීමට සහ ඩුබායි වේගයෙන්ම වර්ධනය වන සහ වඩාත් ආකර්ශනීය ගෝලීය ව්‍යාපාරික මධ්‍යස්ථානය බවට පත් කිරීමට අපි කැපවී සිටිමු. සංචාරක, ආයෝජන සහ ව්‍යාපාර සඳහා වඩාත් කැමති ගෝලීය ගමනාන්තයක් ලෙස ඩුබායි හි උපායමාර්ගික ස්ථානයෙන් සහ දියුණු යටිතල පහසුකම්වලින් ලැබෙන ප්‍රතිලාභ උපරිම කර ගැනීමට අපි දිගටම මුලපිරීම් දියත් කරන්නෙමු” ඔහු වැඩිදුරටත් පැවසීය.

උත්ස​ව සංවිධායකයින්ගේ ලාභය ඉහළ නැංවීමෙන්, නව නියෝගය මෙම අංශයට ශක්තිමත් තල්ලුවක් සපයන අතර, එමඟින් නගරයේ උත්ස​ව සඳහා වැඩි පිරිසක් ආකර්ෂණය කර ගැනීමට හැකි වේ.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE වීසා සම්බන්ධ ගැටළු නිරාකරණය කර ගැනීමට ස්වර්ණමය අවස්ථාවක්
Next Article JOE – PETE මහා ක්‍රිකට් ගැටු​මේ දී සාන්​ත පීත​ර විද්‍යාලය සිය අනසක පතුර​යි
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.