මේ වසරේ දී ඉදිරි කාලය තුල ආරම්භකිරීමට නියමිත මාර්ග ව්‍යාපෘති ගණනාවක් මගින් දැනට එම මාර්ග වල පවතින තදබදය සමනය කිරීමට බලාපොරොත්තු වන අතර, සාමාන්‍ය අවහිරතා විසඳීමට සැලසුම් සකස් කරමින් සිටින බවට ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) මහජනතාවට සහතික වේ.
මෑතකදී, RTA විසින් Ras Al Khor සහ Nad Al Hamar මාර්ග සම්බන්ධ කරන ගුවන් පාලමක් විවෘත කරන ලදී – එය Sheikh Rashid Bin Saeed Corridor වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ කොටසක් වන පාලමකි.
වැඩ අවසන් වූ පසු, මෙම මෙගා මුලපිරීම Ras Al Khor මාර්ගයේ ධාරිතාව පැයකට වාහන 10,000 දක්වා ඉහළ නංවනු ඇත, ගමන් කාලය විනාඩි 20 සිට 7 දක්වා අඩු කරයි, සහ රථවාහන ආරක්ෂාව සහ ප්‍රවාහය ඉහළ නංවයි.
කෙසේ වෙතත්, බොහෝ වාහන රියදුරන් නිරන්තරයෙන් මුහුණ දෙන මාර්ග තදබදයට පිළියම් යෙදීමේ අරමුණින් තවත් ඉදිකිරීම් ක්‍රියාත්මක වෙමින් පවතින බව අධිකාරිය ප්‍රකාශ කළේය.
ඒවායින් කිහිපයක් මෙන්න:
Hessa Street
RTA විසින් Hessa Street සංවර්ධනය කිරීම මෙම වසරේ ආරම්භ කරන බව මෑතකදී ට්විටර් පණිවුඩයක සඳහන් විය. මෙම ව්‍යාපෘතිය Sheikh Zayed පාරේ සිට Sheikh Mohammed Bin Zayed මාර්ගය දක්වා විහිදෙනවා.
මෙමගින් වාහන “ඇතුල්වීම් සහ පිටවීම් වැඩිදියුණු කිරීමත්, ඉහළ පාලම් වැඩිදියුණු කිරීමත් සමග මාර්ග ධාරිතාව වැඩි වනු ඇත” “ප්‍රදේශයේ රථවාහන ප්‍රවාහය වැඩි දියුණු කිරීම සඳහා JVC සහ JVT හි සියලුම පිටවීම් වැඩිදියුණු කිරීමට අපි Nakheel සමඟ සම්බන්ධීකරණය කරන්නෙමු.” ට්විටර් පණිවුඩයේ සඳහන් විය.
Al Fay Road
Al Fay පාරේ ඇති රථවාහන ගැටළු පිළිබඳව එම මාර්ගය භාවිත කරන්නන්ගේ කනස්සල්ලට ප්‍රතිචාර දක්වමින් RTA කියා සිටියේ ඔවුන් මේ වන විට මාර්ගය සඳහා “තාවකාලික විසඳුම්” සඳහා කටයුතු කරමින් සිටින බවයි.
මෙය මෙම වසරේ මාර්තු මාසයේදී සිදුවනු ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.
Nad Al Hamar සහ Ras Al Khor මාර්ග මංසන්ධිය
Sheikh Rashid Bin Saeed Corridor වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර Nad Al Hamar සහ Ras Al Khor මාර්ගවල මංසන්ධිය ද වැඩිදියුණු කරනු ඇත.
මංතීරු දෙකකින් යුත් පාලමක් මීටර් 988ක් දිගු කිරීම, මංසන්ධියේ ධාරිතාව පැයකට වාහන 30,000 දක්වා වැඩි කරයි. එය Nad Al Hamar පාරේ සිට Sheikh Mohamed bin Zayed පාර දක්වා ඇති තදබදය මගහරවනු ඇත.
මීට අමතරව, ලබන අප්‍රේල් මස අවසානයේදී විවෘත කිරීමට බලාපොරොත්තු වන Nad Al Hamar Road මංසන්ධියේ සිට Sheikh Mohamed bin Zayed Road මංසන්ධිය දක්වා විහිදෙන මාර්ගයේ දැනට පවතින තදබදය මෙන්ම Ras Al Khor පාර පුළුල් කිරීමද මෙම කාර්යයට ඇතුළත් වෙනවා.
නේවාසික ප්‍රජාවන් 4ක් සඳහා මාර්ග ජාල
අධිකාරිය Margham, Lahbab, Al Lesaily සහ Hatta නේවාසික ප්‍රදේශ සඳහා මාර්ග ජාල වැඩිදියුණු කිරීම පිළිබඳව කටයුතු කරමින් සිටී. මෙම ව්‍යාපෘතිය 2023 අගභාගයේ අවසන් කිරීමට බලාපොරොත්තු වේ.
Margham හි ව්‍යාපෘතිය මගින් ඩුබායි – Al Ain මාර් ගයේ ඩුබායි Skydive ඩුබායි අසල ප්‍රදේශයක කිලෝමීටර් 8ක් විහිදෙන මාර්ග ඉදිකිරීම ඇතුලත් වෙනවා. මෙම ව්‍යාපෘතිය අවට පදිංචිකරුවන් 1,100 කට වැඩි පිරිසකට සේවය සලසනු ඇත.
Lahbab හි දී, ව්‍යාපෘතිය මගින් කිලෝමීටර 4 ක් දක්වා විහිදෙන මාර්ග ඉදිකිරීම කරයි. Al Lesaily හි අභ්‍යන්තර මාර්ග කිලෝමීටර 7ක් සැකසීම කරනු ලබනවා. මෙම ව්‍යාපෘතිය අවට පදිංචිකරුවන් 2,900 කට පමණ සේවය සලසනු ඇත.
Hatta හි, ව්‍යාපෘතිය මගින් Sa’eer, Al Salami සහ Suhaila හි කිලෝමීටර් 2ක් දිගැති මාර් ග ඉදිකිරීම ආවරණය කරයි.