එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕල්කට් පාසල් ආදි සිසුන්​ (Olcott Schools’ Alumni) වාර්ශිකව සංවිධානය කල 14 වෙනි ඕල්කට් අණුස්මරණ කුසලා​න මහා ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 26 වෙනි ඉරිදා සාජා ඉංග්‍රීසි පාසල් ක්‍රීඩාංග​ණයේදී සාර්ථකව පැවැත්වූවා.


පල​ඟ කුසලානය සඳහා තරඟවැදුනේ ධර්මාශෝක විද්‍යාලයීය කණ්ඩායම ස​හ ධර්මරාජ විද්‍යාලයීය කණ්ඩායමයි.

පළමුව පන්ඳුවට පහරදුන් ධර්මාශෝක විද්‍යාලයීය කණ්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුළු 2 කට ලකුණු 95 රැස්කලා.

එයට පිලිතුරු වශයෙන් ධර්මරාජ විද්‍යාලයීය කණ්ඩායම පන්ඳු ඕවර 20 තුල කඩුළු 5 කට ලබාගතහැකි වූයේ ලකුණු 66 පමණි.

ඒ අනු​ව ධර්මාශෝක විද්‍යාලයීය කණ්ඩායම මෙම තරගය ජයග්‍රහනය කරමින් පල​ඟ කුසලානය දිනාගනු ලැබුවා.

  • තරගයේ ශූරයා ලෙස පසිඳු වන්නියාරච්චි
  • හොඳම පිතිකරුවා ලෙස නිරන් විජේසේන
  • හොඳම පන්දු යවන්නා ලෙස කසුන් එදිරිසිංහ තෝරා ගැණුනා

පලිහ කුසලානය සඳහා තරඟවැදුනේ ධර්මපාල විද්‍යාලයීය කණ්ඩායම ස​හ මහින්ද විද්‍යාලයීය කණ්ඩායමයි

පළමුව පන්ඳුවට පහරදුන් ධර්මපාල විද්‍යාලයීය කණ්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල සියල්ලෝම දැවී ලකුණු 44 රැස්කලා.

එයට පිලිතුරු වශයෙන් මහින්ද විද්‍යාලයීය කණ්ඩායම කිසිම කඩුල්ලක් නොදැවී ලකුණු 46 රැස්කලා.

​ඒ අනුව මහින්ද විද්‍යාලයීය කණ්ඩායම මෙම තරගය ජයග්‍රහනය කරමින් පලිහ කුසලානය දිනාගනු ලැබුවා.

  • තරගයේ ශූරයා ලෙස අජිත් සූරියරච්චිගේ
  • හොඳම පිතිකරුවා ලෙස මිලින්ද මාධව
  • හොඳම පන්දු යවන්නා ලෙස කසුන් තිලි​ණ තෝරා ගැණුනා

ශුරතාවය සඳහා පැවති තරගය ඉතා තියුණු තරගයක් වූ අතර එයට තරඟ වැදුනේ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම සහ නාලන්දා විද්‍යාලයීය කණ්ඩායමයි.

පළමුව පන්ඳුවට පහරදුන් ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුළු 3 දැවී ලකුණු 69 රැස්කලා.

එයට පිලිතුරු වශයෙන් නාලන්දා විද්‍යාලයීය කණ්ඩායම කඩුළු 4 කට රැස්කරගතහැකි වූයේ ලකුණු 65 පමණයි.

ඒ අනුව ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම මෙම තරගය ජයග්‍රහනය කරමින් දෙවන වතාවටත් ශුරතාවය දිනාගනු ලැබුවා.

  • තරගයේ ශූරයා ලෙස දිනේෂ් ඩී සිවා
  • හොඳම පිතිකරුවා ලෙස නාමල් ගුණවර්ධන
  • හොඳම පන්දු යවන්නා ලෙස කුෂාන් විජේවර් ධන තෝරා ගැණුනා

මාස්ටර්ස් කණ්ඩායම හා මලියදේව විද්‍යාලයීය කණ්ඩායම​ අතර පැවති තරගයේ ජ​ය මලියදේව විද්‍යාලයීය කණ්ඩායම​ට හිමිවූවා.


කාන්තා තරගාවලි​යේ අවසන් තරගය සඳහා තරඟ වැදු​නේ මහින්ද කාන්තා පිල හා ධර්මාශෝක කාන්තා පි​ලයි. එම තරඟයේ ජය හිමිකරගත්තේ ධර්මාශෝක කාන්තා පි​ලයි.

Share.

Comments are closed.