එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් (ERC) විසින් සිරියාවේ ලටාකියා හි පිහිටි මාතෘ හා ළමා රෝහල වෙත ආහාර සහ ළමා සැපයුම් තොගයක් භාර දී ඇති අතර, පසුගියදා ​එරටට බලපෑ භූමිකම්පාවේ බලපෑමට සහාය දැක්වීමක් වශයෙන් “The Gallant Knight 2” මෙහෙයුමේ ප්‍රකෘතිමත් සහ පුනරුත්ථාපන අදියරේ කොටසක් ලෙස මෙම සහාය දක්වා තිබේ.

සිරියාවේ ERC නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වන Mohamed Khamis Al-Kaabi, ලටාකියාවේ මාතෘ හා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අහමඩ් ගාසි අල්-ෆාරා වෙත නැව්ගත කිරීම භාර දී තිබෙනවා.

භාර දුන් නැව්ගත භාණ්​ඩ ළමුන් රැකබලා ගැනීමේ කටයුතු සඳහා රෝහලට දුන් සැලකිය යුතු සහයෝගයක් බව අල්-කාබි පැවසීය.

“අපි ක්ෂේත්‍රයේ සිටීම හරහා, රෝහලේ විවිධ වර්ගයේ ළදරු කිරිපිටි මෙන්ම ඩයපර් වැනි අවශ්‍ය මූලික අවශ්‍යතා පිළිබඳව අපට දැනුමක් තිබෙනවා,” ඔහු තවදුරටත් කියා සිටියේ රෝහලේ අත්‍යවශ්‍ය සැපයුම්වල දැඩි හිඟය පිළිබඳව අවධාරණය කරමිනි.

ආචාර්ය අහමඩ් ගාසි අල්-ෆාරා, ERC හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රයත්නයන් අගය කළ අතර, භූමිකම්පාව ආරම්භයේ සිට ​මේ දක්වා ආපදා භූමියේ පැහැදිලි සහ ප්‍රත්‍යක්ෂ උත්සාහයක් ගන්නා බව ඔහු පැවසීය.

“අද රෝහලට ලැබී ඇති සහයෝගය මේ මොහොතේ රෝහලට ඇති පීඩනය සමනය කරන සැලකිය යුතු එකතු කිරීමක්,” බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා

Share.

Comments are closed.