Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Humanitarian Aid»UAE හි ‘1 Billion Meals’ වැඩසටහන හරහා බංග්ලාදේශයේ සරණාගත කඳවුරුවලට ආහාර වේල් මිලියන 5.4ක් බෙදා දෙයි
Humanitarian Aid

UAE හි ‘1 Billion Meals’ වැඩසටහන හරහා බංග්ලාදේශයේ සරණාගත කඳවුරුවලට ආහාර වේල් මිලියන 5.4ක් බෙදා දෙයි

Stanly KularathnaBy Stanly KularathnaMarch 2, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මහාද්වීප හතරක් පුරා රටවල් 50ක අඩු වරප්‍රසාද ලත් සහ මන්දපෝෂණයෙන් පෙළෙන අයට උපකාර කිරීම සඳහා කලාපයේ විශාලතම ආහාර පරිත්‍යාග වැඩසටහන වන ‘1 Billion Meals’ වැඩසටහන යට​තේ, එක්සත් ජාතීන්​ගේ ස​ංවිධානය සමඟ සහයෝගයෙන් බංග්ලාදේශයේ රෝහින්ග්‍යා සරණාගත කඳවුරුවල​ට ආහාර වේල් මිලියන 5.4ක් බෙදා හැරීම නිවේදනය කළේය.

සරණාගත කඳවුරු තුළ ජාත්‍යන්තරව විශාල ප්‍රවේශයක් ඇති ලෝ​ක ආහාර වැඩසටහන  (WFP) මගින් ක්‍රියාත්මක, 1 Billion Meals වැඩසටහනේ සංවිධායක Mohammed bin Rashid Al Maktoum Global Initiatives (MBRGI) අතර හවුල්කාරිත්වයට ස්තූතිවන්නට, ක්ෂණිකව ලබාගත හැකි ස්මාර්ට් ආකාරයෙන් ප්‍රතිලාභීන්ට ආහාර ආධාර සෘජුවම ලබා දී ඇත. ප්‍රතිලාභීන්ට WFP සහතික කළ සාප්පු සහ සිල්ලර බඩු වලින් අවශ්‍ය ආහාර ලබා ගැනීමට ඉඩ සලසන වවුචරද ලබාදීමට කටයුතු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) විසින් කරන ලද වාර්තාවකට අනුව, සරණාගතයින්ට නවාතැන් පහසුකම් ඇති විශාලතම ප්‍රදේශය ලෙස නම් කර ඇති බංග්ලාදේශයේ Cox’s Bazar හි කඳවුරුවල සිටින රොහින්ග්‍යා සරණාගතයින් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් අතරින් 490,000 ක් ළමුන් බව සොයාගෙන ඇත.

“ලෝකයේ විශාලතම සරණාගත කඳවුරක ප්‍රතිලාභීන් වෙත ළඟා වීමේදී බිලියන 1 ක ආහාර වැඩසටහන සඳහා සෑම ආකාරයකින්ම සැපයුම් කිරීම අභියෝගයකි. කෙසේ වෙතත්, MBRGI, UN හි WFP සමඟ එක්ව, මෙම අභියෝගය ජය ගැනීමටත්, බංග්ලාදේශයේ Cox’s Bazar කඳවුරුවල සිටින පුද්ගලයන්ට සහ පවුල් මිලියන 5.4 ක ආහාර වේල්වලට සමාන ආහාර බෙදා දීමටත් සමත් වූ බවට.” MBRGI හි අධ්‍යක්ෂ සාරා අල් නුයිමි පැවසුවේය.

ප්‍රතිලාභීන්ට ආහාර ආධාර ක්ෂණිකව ලබා ගතහැකි ස්මාර්ට් වවුචර භාවිතා කිරීම, අවශ්‍ය අයට සෘජුවම සහය ලබා දීම, ඔවුන්ගේ අභිමානය රැනෙක පරිදි මානුෂීය කටයුතු කරගෙන යාමට MBRGI උත්සාහයෙහි කොටසක් බව Al Nuaimi අවධාරණය කළේය.

“සරණාගතයින් සහ අවතැන් වූවන් ඇතුළු අවදානමට ලක්විය හැකි කණ්ඩායම් වෙත සාර්ථකව ළඟා වීමත්, වෙනස් කොට සැලකීමකින් හා අත්හැරීමකින් තොරව, ලොව පුරා සිටින සෑම කෙනෙකුටම උපකාර කිරීමේ හස්තයක් දිගු කිරීමෙන්.” බවට Al Nuaimi වැඩිදුරටත් පැවසීය.

මානුෂීය අභියෝගවලට මුහුණ දීමේ ගෝලීය දායකත්වය

“ලෝකය පුරා කුසගින්න වැඩිවෙමින් පවතින අතර මිලියන 800කට අධික ජනතාවකට තර්ජනයක් වෙමින් පවතී. බංග්ලාදේශයේ, රොහින්ග්‍යා මානුෂීය අර්බුදය සඳහා වන 2022 ඒකාබද්ධ ප්‍රතිචාර සැලැස්ම, රෝහින්ග්‍යා සරණාගතයින් සහ වඩාත්ම පීඩාවට පත් සත්කාරක ප්‍රජාවන් ඇතුළුව ආසන්න වශයෙන් මිලියන 1.4 ක ජනතාවකට සහය දැක්වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 881 කට වැඩි මුදලක් ඉල්ලා සිටියේය. එබැවින්, WFP සමඟ සහයෝගීතාවයෙන් යුත් බිලියන 1 ආහාර ව්‍යාපෘතියේ බෙදා හැරීමේ මෙහෙයුම්, අඩු වරප්‍රසාද ලත් අයට ආහාර සහය ලබා දීම​ට ඉතා සුදුසු කාලයකට පැමිණ තිබෙනවා.” GCC කලාපයේ WFP නියෝජිත Mageed Yahia පැවසීය.

බංග්ලාදේශයේ මිලියන 5.4 කට සමාන ආහාර වේල් බෙදා හැරීම WFP සහ MBRGI අතර පවතින හවුල්කාරිත්වයට වටිනා එකතු කිරීමක් බව Yahia පෙන්වා දුන්නේය. මානුෂීය කටයුතු පුළුල් කිරීමට සහ වරප්‍රසාද නොලත් ප්‍රජාවන්ගේ වැඩෙන අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා මෙම ද්විපාර්ශ්වික සබඳතාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

1 Billion Meals මගින් සපයන ලද ආධාරය Cox’s Bazar කඳවුරුවල සිටින පුද්ගලයින් 20,000 වෙත ළඟා වූ අතර, ඔවුන්ට ඔවුන්ගේ ජංගම දුරකථනවලට ලැබෙන හඳුනාගැනීමේ කේතයක් හරහා දේශීය සැපයුම්කරුවන්ගෙන් මූලික ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට හැකි වූ අතර, ආහාර වේල් ඔවුන් වෙත නියමිත වේලාවට ළඟා වන බව සහතික කරයි.

1 Billion Meals වැඩසටහන​ට, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP), එක්සත් ජාතීන්ගේ සරණාගතයින් සඳහා වන මහ කොමසාරිස් (UNHCR), ආහාර බැංකුකරණ කලාපීය ජාලය (UNHCR), Mohammed ​Bin Rashid Al Maktoum  මානුෂීය සහ පුණ්‍යායතනය (MBRCH), UAE ආහාර බැංකුව, මෙන්ම ප්‍රතිලාභී රටවල දේශීය පුණ්‍යායතන, මානුෂීය සහ සමාජ වැඩ ආයතන වැනි හවුල්කරුවන් සමඟ සම්බන්ධීකරණයෙන් ලොව පුරා රටවල් 50 ක ප්‍රතිලාභීන්ට ආහාර ආධාර සපයයි.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථිකය දශකයකට වැඩි කාලයක් තුළ වේගවත්ම වර්ධනයක් වාර්තා කරයි
Next Article සාජාහි යුනෙස්කෝ ලෝක උරුම ලෙස සැලකෙ​න ස්ථාන හතරක්
Stanly Kularathna

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.