එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් යළිත් අවධාරණය කළේ නීතිමය සහ නඩුවල අදාල තොරතුරු හෙළිදරව් කිරීම දැඩි දඬුවම් ලැබිය හැකි අපරාධයක් බවයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අධිකරණ දෙපාර්තමේන්තු​ව මතක් කර දුන්නේ විමර්ශනවලට අදාළ සියලු තොරතුරු සහ ඉන් අනතුරුව ලැබෙන සොයාගැනීම් සම්භන්ධ තොරතුරු දැඩි ලෙස රහසිගතව තබා ගත යුතු බවයි.

අධිකරණ කටයුතු හා රජයේ නඩු පැවරීමේ කාර්ය මණ්ඩලය, ලිපිකරුවන්, සහායකයින්, විශේෂඥයින් සහ උසාවියේ කරුණු සම්බන්ධයෙන් රහස්‍යභාවයක් ඇති වෙනත් ඕනෑම පුද්ගලයෙකුට කිසිදු තොරතුරක් බෙදාගැනීම තහනම් බව අධිකාරිය උපදේශනයක සඳහන් කරයි. උල්ලංඝනය කරන්නන්ට දැඩි දඬුවම් නියම කරනු ලැබේ.

“සාක්ෂි එකතු කිරීමේ වාර්තා 2022 අංක 38 දරන ෆෙඩරල් ආඥා පනත මගින් නිකුත් කරන ලද අපරාධ නඩු විධාන සංග්‍රහයේ 67 වැනි වගන්තියේ උප වගන්තියේ දක්වා ඇති රහස්‍ය භාවයෙන් යුතුව සලකනු ලැබේ,” එය වැඩිදුරටත් සඳහන් කළේය.

Share.

Comments are closed.