ලෝක පොලිස් සමුළු​ව දෙවන වතාවට ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී පසුගියදා ආරම්භ විය.

ඩුබායි පොලිස් මූලස්ථානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තෙදින සමුළුව පැවැත්වෙන්නේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායිහි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ ප්‍රධානත්වයෙනි.

ලෝක පොලිස් සමුළුව මගින් පොලිස් බලකායන් මුහුණ දෙන වත්මන් අභියෝග ගවේෂණය කිරීමට සහ නීතිය බලාත්මක කිරීම සහ ආරක්ෂක උපාං​ග හරහා නවතම තාක්ෂණික දියුණුව, උපාය මාර්ග සහ නවෝත්පාදනයන් අත්විඳීමට අසමසම වේදිකාවක් සපයයි.

මෙම උත්සවය මගින් පොලිස් බලකායන්ට සහ ජාත්‍යන්තර සමාගම්වලට ජාලගත වීම​ට, සාකච්ඡා කිරීමට සහ නවතම තාක්ෂණයන් සහ සේවාවන් මිලදී ගැනීමට අවස්ථා​ව ලබා දෙයි. එය අති නවීන පොලිස් සහ ආරක්ෂක තාක්‍ෂණ සේවා සහ විසඳුම් සහිත අද්විතීය ගෝලීය නීතිය ක්‍රියාත්මක කිරීමේ වෙළඳපොළකි.

මෙම සමුළුව බහු නිෂ්පාදන කාණ්ඩ හරහා ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සහ කලාපීය නිෂ්පාදකයින් සහ සේවා සපයන්නන් සම්භන්ධීකරනය කරනු ඇත. මේවාට අපරාධ වැළැක්වීම සහ හඳුනාගැනීම ඇතුළත් වේ, ජාතික ආරක්ෂාව සහ ත්‍රස්තවාදය මර්දනය කිරීම, අධිකරණ වෛද්‍ය විද්‍යාව, පොලිස් නවෝත්පාදනය, පොලිස් ඔරොත්තු දීමේ හැකියාව සහ සුවතාව සහ සයිබර් අපරාධ ද ඇතුලත් වෙනවා.

Share.

Comments are closed.