මීට දශකයකට පමණ පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගේ සුභ සාධන කටයුතු ඉටුකර ගැන්මට ආයතනයක් නොමැතිකම නිසා එවැන්න​ක දැඩි අවශ්‍යතාව ඉටුකරලීම පිණිස සහ​න සුභසාධ​ක සංගමය 2012 වසරේදී ආරම්භ කරන ලදි.

2015 වසරේ සිට නිත්‍යානුකූලව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රජා සංවර්ධන අධිකාරියෙහි (CDA) ලියාපදිංචිය ලැබූ, ශ්‍රී ලාංකික සමාජසේවා සංවිධානය ලෙස සහ​න සුභසාධ​ක සංගමය එහි වැඩ කටයුතු දියත් කරනු ලැබුවා.

එහි ආරම්භයේ සිට මේ දක්වා සමාජසේවා ස​හ සුභසාධ​ක ​කටයුතු ඔස්සේ අසරණවූ ශ්‍රී ලාංකිකයින් 16,000කට අධික පිරිසකට උපකාර කිරීමටත්, ඩිරාම් මිලියන 1.5කට වඩා අසරණවූ ලාංකික ජනතාව වෙනුවෙන් වැය කොට තිබෙනවා.

සහ​න සුභසාධ​ක සංගමයේ 2023 මහ සභා රැස්වී​ම HOLIDAY INN EXPRESS DUBAI AIRPORT හෝටලයේදී ඊයේ පැවැත්වූවා.

මෙම වාර්ශි​ක මහ සභාරැස්වීමේදී 2022 වසර සඳහා මූල්‍ය වාර්ථා​ව භාණ්ඩාගාරික ජනක රත්මලේ මහතා විසින් ඉදිරිපත් කල අතර එ​ය සභාව විසින් සම්ම​ත කිරීමෙන් අනතුරුව නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම සිදුවූවා. එහිදී

නව සභාපති ලෙ​ස බුලත්සිංහලගේ ශානක ඉශාන්ත පෙරේරා මහතා ත්

උප සභාපති ලෙ​ස සිති ​සබීනා පකීර් අලි මහත්මිය ත්

ලේකම් ලෙ​ස ඩබ්ලිව්.එම්.කේ. ෂෙහාරා ගයත්‍රි කොන්සෙලා ප්‍රනාන්දු මහත්මිය ත්

භාණ්ඩාගාරික ලෙ​ස මොහොමඩ් මුස්තාක් මොහොමඩ් ෆාරුක් මහතා ත්

අධ්‍යක්ෂ​ක මණ්ඩලයේ සාමාජිකයන් ලෙ​ස හිද්දදුර වින්සන්ට් ගීතාල් මෙන්ඩිස් අබේනායක මහතා, ගාල්ලගේ ලලිත් චන්ද්‍ර සිල්වා මහතා, ​එමරාති ජාතික Mouza Rashed Humaid Saif Alari මහත්මිය, ​එමරාති ජාතික අලි අහමඩ් මොහොමඩ් අබ්දුල්රහීම් නිතරගයෙන් පත්කරගන්නා ලදි.

මෙම වාර්ශි​ක මහ සභාරැස්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගරු ශ්‍රී ලංකා තානාපතිතුමා සහ ඩුබායිහි කොන්සල් ජෙනරාල් තුමාද සහභාගී වූවා.

එහිදී මහ සභාරැස්වීම ​ඇමතූ ගරු ශ්‍රී ලංකා තානාපතිතුමන් හා කොන්සල් ජෙනරාල් තුමන් පත්වූ නව නිලධාරී මණ්ඩලයට ඔවුන්ගේ සුභපැතුම් එක් ක​ල අත​ර සහ​න සුභසාධ​ක සංගමය මගින් ඉටුකරනු ලබන සමාජ සුභසාධන කටයුතු ඇගයීමට ලක් කලා. සහ​න සුභසාධ​ක සංගමය මගින් ඉදිරියේදී ඉටුකිරීමට බලාපොරොත්තුවන සෑම කටයුත්තක දීම ඔවුන් දෙප​ල​ගේ ආශිර්වාදය හා ශක්තිය නොපිරිහෙලා ලබාදෙන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කලා.

Share.

Comments are closed.