2020 සහ 2021 දී අධික තාප තරංග (heat waves) හේතුවෙන් අබුඩාබියේ මාළු කිලෝග්‍රෑම් 160,000 කට වඩා මිය ගොස් ඇති බව අබුඩාබි පරිසර ඒජන්සිය (EAD) විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව හෙලිවී තිබෙනවා.
නියෝජිතායතනයේ විශේෂඥයින් කණ්ඩායමක් සාගර පරිසරය සමීපව නිරීක්ෂණය කරමින්, එවැනි අවස්ථා මැඩපැවැත්වීමට උපකාර කළ හැකි විසඳුම් වැඩිදියුණු කොට ඇත.
EAD වාර්ථාවට අනුව 2020 දී මියගිය මාළු කිලෝග්‍රෑම් 148,000 ක් අතර මසුන් විශේෂ 15 ක් වාර්තා කොට තිබෙනවා. 2021 දී එම විශේෂන්ගේම කිලෝග්‍රෑම් 17,750 ක් වාර්තා කොට තිබෙනවා.
මෙම සොයාගැනීම් අතර මුහුදු කැස්බෑවන් (කොළ කැස්බෑවන්) මිය යාම, මියගිය මුහුදු පැලෑටි සහ ඔවුන්ගේ ස්වභාවික පරාසයෙන් පිටත වෙරළ තීරයේ ඇල්ගී තැන්පත් වීම වැනි වෙනත් අසාමාන්‍ය නිරීක්ෂණ වාර්තා වී තිබෙනවා.
ඒජන්සිය, අබුඩාබි මුහුදේ තාප තරංගය සහ සාගර පරිසරයට එහි බලපෑම නිරීක්ෂණය කර ඇත. එමිරේට්ස් වෙරළබඩ ජලය 2020 සහ 2021 වසරවලදී දැඩි තාප තරංගයකට නිරාවරණය වී ඇති අතර එය දින 15 කට වඩා වැඩි කාලයක් පැවති බව නිරීක්ෂකයින් සඳහන් කළේය.
EAD අනුව, තාප තරංග හේතුවෙන් දිගු කාලයක් සාගර ජලයේ අධික උණුසුමක් පවතින බව සඳහන් කරයි. නිලධාරීන් පැවසුවේ මෑත වසරවලදී එවැනි තරංග විවෘත සාගරවල සිට වෙරළබඩ ප්‍රදේශ දක්වා ලොව පුරා නිරීක්ෂණය වී ඇති බවයි.
මෑතකදී නිකුත් කරන ලද සාගර ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ වාර්ෂික වාර්තාවේ EAD අවධාරණය කළේ මෙම තාප තරංග සාගර පරිසර පද්ධතිවලට සහ මානව සමාජයට දැඩි බලපෑම් ඇති කරන අතර ඒවායේ ප්‍රතිවිපාක ලෙස මත්ස්‍ය මරණ වැඩි වීම, කොරල්පර වර්ණ වෙනස්වීම සහ මුහුදු පැලෑටි, කොරල්පර සහ මත්ස්‍යයන්ගේ වාසස්ථාන වෙනස් වීම, සාමාන්‍යයෙන් මසුන්ගේ මරණයට සහ ඔවුන්ගේ සංඛ්‍යාවට බලපෑම් කිරීමට හේතු වෙනවා.