Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පළමු මී මැසි උද්‍යානය විවෘත කෙරේ

May 20, 2025

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාමයේ කාසියට වසර 52 ක් සපිරේ

May 20, 2025

සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනයට විශේෂ කාර්ය බලකායෙන් කණ්ඩායම් 15 ක්

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Dubai Police»නිර්නාමික දුරකථන පණිවිඩ සමඟ කටයුතු කිරීමට හොඳම ක්‍රමය ඩුබායි පොලිසිය හෙළි කරයි
Dubai Police

නිර්නාමික දුරකථන පණිවිඩ සමඟ කටයුතු කිරීමට හොඳම ක්‍රමය ඩුබායි පොලිසිය හෙළි කරයි

Stanly KularathnaBy Stanly KularathnaMarch 12, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කවදා හෝ ඔබගේ ජංගම දුරකථනයට සැක සහිත පණිවිඩයක් ලැබුනහොත්, කළ යුතු හොඳම දෙය නම් නිර්නාමික පණිවිඩයට පෙරලා පිළිතුරුනොදී​ම, නැවත සම්බන්ධ​නොවීම හෝ නැවත පළ නොකිරීමයි. ඒ වෙනුවට වහාම බලධාරීන්ට වාර්තා කරන්න, ඩුබායි පොලිසිය මහජනතාවට මතක් කරනවා.

බලධාරීන් විසින් විනාඩියක වීඩියෝවක් මගින් ට්වීට් කර ඇත්තේ නිර්නාමික පණිවිඩයකට පිළිතුරු නොදෙන්න. එවැනි පණිවිඩ සමඟ අන්තර් ක්‍රියා නොකරන්න. එවැනි පණිවිඩ නැවත පළ කිරීම, බෙදාගැනීම හෝ සංසරණය නොකරන ලෙසයි. ඩුබායි පොලිස් විද්‍යුත් අපරාධ සම්බන්ධ කර නිර්නාමික පණිවිඩ වාර්තා කරන්න. එවැනි පණිවිඩ #DubaiPolice ගාස්තු රහිත අංකයට වාර්තා කිරීමෙන්, 901 අංකය ඇමතීමෙන් ​හෝ http://ecrime.ae වෙත වාර්ථා කිරීමෙන් නීති විරෝධී මත්ද්‍රව්‍යවලට එරෙහි සටනට සම්බන්ධ වන්න.”

අමුතු WhatsApp පණිවිඩ

මෙම වසරේ ජනවාරි මාසයේදී, වාර්තා වූ​යේ, UAE පදිංචිකරුවන් සිය ගණනක​ට නිර්නාමික පණිවිඩ යවන්නන්ගෙන් අමුතු WhatsApp පණිවිඩ ලද බව සහ ඔවුන් කොපමණ වාර ගණනක් අංක අවහිර කළත්, දිගටම ඔවුන් සම්භන්ධවීම් කල බවයි.

එවැනි පැමිණිලි සිය ගණනක් පොලිසිය වෙත ලැබී ඇති අතර, බලධාරීන් එවැනි පණිවිඩ මර්ධනය කිරීමට මෙම පණිවිඩවලට කිසි විටෙකත් ප්‍රතිචාර නොදක්වන ලෙස ජනතාව දැනුවත් කරයි.

පොලිසිය පවසන පරිදි එම සැක කටයුතු පණිවිඩ පෙළ එවා ඇත්තේ ගැනුම්කරුවන් සොයමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ය. ඔවුන් සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය තිබෙන ස්ථානය පිළිබඳ GPS ඛණ්ඩාංක බෙදා ගනී – සාමාන්‍යයෙන් දුර බැහැර ප්‍රදේශවල ඒවා සඟවනු ලැබේ. ඩුබායි හි මත්ද්‍රව්‍ය නාශක අංශයේ වැඩබලන අධ්‍යක්ෂ බ්‍රිග් කාලිඩ් බින් මුවයිසා සඳහන් කළේ, ඕනෑම තැනකට භාණ්ඩ ලබා දිය හැකි බව පවසමින් ඔවුන් මත්ද්‍රව්‍ය මිලදී ගන්නා ආකාරය පිළිබඳ පින්තූර, වීඩියෝ සහ ඕඩියෝ ක්ලිප් යවන බවයි.

පොලිසිටය මේ වන විට වාර්තා 2200කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 527ක් අත්අඩංගුවට ගෙන ඇත. කෙසේ වෙතත්, ඔවුන්ගේ පණිවිඩ සම්භන්ධව කුතුහලයෙන් යුත් මිනිසුන්ගෙන්, විශේෂයෙන් තරුණයන්ගෙන් ප්‍රතිචාරයක් ලබා ගැනීමට සමත් වී තිබීම ගැන සැලකිලිමත් විය යුතුයි.

“අපරාධකරුවන් සහ වෙළෙන්දන් නව තාක්ෂණික ක්‍රම දියුණු කරමින් සිටින අතර, විශේෂයෙන්ම ඇබ්බැහි වූවන් වෙත සහ පොදුවේ මහජනතාව වෙත ළඟා වීමට නවීනතම තාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්නවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔබගේ ජංගම දුරකථනයට සැක සහිත පණිවිඩයක් ලැබුන හොත් ඩුබායි පොලිසියේ ගාස්තු රහිත අංක 901 (හදිසි නොවන අවස්ථා සඳහා) සම්බන්ධ කර ගන්නා ලෙස බලධාරීන් මහජනතාවට උපදෙස් දෙයි. විද්‍යුත් තැපෑල mail@dubaipolice.gov.ae හෝ වාර්තාවක් ගොනු කිරීමට ඩුබායි පොලිස් වෙබ් අඩවිය හෝ යෙදුම වෙත යන ලෙස පොලීසිය මහජනතා​ව​ට උපදෙස් ලබාදෙනවා.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි හි බයිසිකල් හා ඊ-ස්කූටර් උල්ලංඝනය කිරීම් සහ දඩ හඳුන්වා දෙයි
Next Article GDRFA විසින් වීඩියෝ ඇමතුම් සේවාව හරහා ඩුබායි වීසා ගනුදෙනු 250,000 ක් සම්පූර්ණ කරයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පළමු මී මැසි උද්‍යානය විවෘත කෙරේ

May 20, 2025

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාමයේ කාසියට වසර 52 ක් සපිරේ

May 20, 2025

සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනයට විශේෂ කාර්ය බලකායෙන් කණ්ඩායම් 15 ක්

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.