ඩුබායි හි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දී භූමිකම්පාවෙන් විනාශ වූ රටවල් වන තුර්කිය සහ සිරියාව සඳහා ආධාර පෙට්ටි 1,800 ක් පැය දෙකක් ඇතුළත, ස්වේච්ඡා සේවකයන් 2,000 ක් දක්ෂ ලෙස ඇසුරුම් කළහ.

පසුගිය මාසයේ සිරියාවට සහ තුර්කියට බලපෑ විනාශකාරී භූමිකම්පාවට ප්‍රතිචාර දැක්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස, Mohammed bin Rashid Al Maktoum Global Initiatives විසින් සංවිධානය කරන ලද ‘Bridges of Giving’ මානුෂීය ව්‍යාපාරය The Emirates Red Crescent (ERC) සමඟ එක්ව සංවිධානය කරන ලදී. අනෙකුත් හවුල්කාර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය සහ පුණ්‍යායතන සංවිධාන, ස්වභාවික විපත්තියෙන් අහිතකර ලෙස බලපෑමට ලක් වූ පුද්ගලයින් සඳහා යවනු ලබන සහන සැපයුම් රැස් කිරීම සහ එකලස් කිරීම සිදු කලා.

දුඹුරු පැහැති වස්ත්‍රවලින් සැරසුණු විවිධ ජාතීන්ට අයත් ස්වේච්ඡා සේවකයන් ඩුබායිහි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දී දැඩි උද්යෝගයෙන් සහන සහ ආධාර පැකේජ සකස් කිරීමට පටන් ගත්හ.

Mohammed bin Rashid Al Maktoum Global Initiatives (MBRGI) හි අධ්‍යක්ෂ සාරා අල් නුයිමි පැවසුවේ, “අපි සමඟ ස්වේච්ඡා සේවකයන් 2,000 කට වැඩි පිරිසක් සිටිනවා. අද අපට විවිධ ආධාර ද්‍රව්‍ය තිබෙනවා, ප්‍රධාන වශයෙන් ආහාර, ඇඳුම් පැළඳුම්, සිල්ලර බඩු, ඖෂධ සහ ළමයින් සඳහා සෙල්ලම් බඩු ද තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් විසින් සිරියාවේ සහ තුර්කියේ භූමිකම්පා සහන සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ආධාර පැකේජයක් නිදහස්කො​ට ඇති අතර එම ආධාර රටවල් දෙක අතර සමානව බෙදා දී ඇත.

පෙබරවාරියේ රික්ටර් මාපක 7.8 ක ප්‍රබල භූමිකම්පාව තුර්කියේ සහ අසල්වැසි සිරියාවේ පුළුල් පරාසයක පැතිරී ගිය අතර, 50,000 කට වැඩි පිරිසක් මිය ගිය අතර තවත් දහස් ගණනක් තුවාල ලැබූ අතර එය ගොඩනැගිලි දහස් ගණනක් පෙරළීමෙන් සහ නිවැසියන් සුන්බුන් ගොඩවල් අත​ර සිරවී සිටියහ.

Share.

Comments are closed.