ඩුබායි පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක දෙපාර්තමේන්තුවේ සයිබර් ආරක්ෂණ කණ්ඩායම විසින් අන්තර් ජාලය හරහා මත්ද්‍රව්‍ය සහ මනෝචිකිත්සක ​ඖෂ​ධ ප්‍රවර්ධනය කල වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ගිණුම් 1,292 ක් අවහිර කර තිබෙනවා. ඩුබායි පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ සාමාන්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජෙනරල් Eid Muhammad Thani Hareb​ට අනුව, 2022 වසරේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,513 ක් සහ මත්පෙති මිලියන 130 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අන්තර්ජාලය හරහා මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන රටින් බැහැර කල්ලි සමඟ සම්බන්ධකම් ගොඩනගාගෙන ඇ​ත. එමිරේට්ස් හි විවිධ පොලිස් බලධාරීන්ගේ සහයෝගයෙන් ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රට තුළදී මෙම ගිණුම් කළමනාකරණය කළ අයද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. “මෙම වෙබ් අඩවි සහ ගිණුම් නිරීක්ෂණය කිරීමට ඉලෙක්ට්‍රොනික මුර සංචාර විශාල උත්සාහයක් දරනවා, විශේෂයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවර්ධකයින් WhatsApp සහ Facebook වැනි සමාජ මාධ්‍ය මත යැපීමත් ඔවුන් පොලිසියෙන් සහ ආරක්ෂක පාලනයෙන් බැහැරව සිටින බව විශ්වාස කරමින් මත්ද්‍රව්‍ය විකිණීම කරනවා” බ්‍රිගේඩියර් හරෙබ් පැවසීය.

ඩුබායි පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක වාර්ෂික වාර්තාව මගින් පසුගිය වසර තුළ මත්ද්‍රව්‍ය මැඩපැවැත්වීම සහ ඇබ්බැහි වූවන් සඳහා අවශ්‍ය සහය සහ රැකවරණය ලබා දීමේ කැපී පෙනෙන ප්‍රතිඵල අනාවරණ වූ බව බ්‍රිගේඩියර් හරෙබ් පෙන්වා දුන්නේය.

මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් ඇබ්බැහි වූවන් 458 දෙනෙකු පුනරුත්ථාපනය කිරීමටත්, ඔවුන්ගේ කැපවීම තහවුරු කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමටත් හැකිවිය. සමහර ඇබ්බැහි වූවන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරන ලදී. බොහෝ ඇබ්බැහි වූවන්ට සුවය ලබා දීම සඳහා සුදුසු පවුල් පරිසරය වැඩිදියුණු කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

Share.

Comments are closed.