බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය මගින් සංවිධානය කරන Western Breeze Festival – ආහාර පාන සැණකෙළිය ලබන 17 සහ 18 යන දෙදින තුළ වත්තල වැලිසර නවලෝක ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. 

දේශීය ආහාර පානවලට අමතරව ප්‍රංශ, ඉතාලි, ජර්මන්, චීන සහ තවත් රටවල විවිධ ආහාර පාන මෙහිදී ප්‍රදර්ශනය කිරීම සහ භුක්ති විඳීමේ අවස්ථා​ව සහභාගීවන්නන්​ට සලසා ඇත. 

සැණකෙළිය ප.ව. 5.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වෙයි.

කුඩා දරුවන් සඳහා විනෝද ක්‍රීඩා ඇතුළුව විශේෂ ළමා සැනකෙළි කලාපයක් ඉදි කර ඇති මෙම සැණකෙළිය වර්ණවත් කිරීම සඳහා මල්වෙඩි සංදර්ශන, ගිණිකෙළි සංදර්ශන, දැවැන්ත සංගීත සංදර්ශනය ඇතුළුව සංස්තෘතිකාංග රැසක් සංවිධානය කර ඇත.  

වසරේ දැවැන්තම ආහාර පාන සැණකෙළිය වශයෙන් පැවැත්වෙන මෙම සැණකෙළිය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කර දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගැනීම සඳහා ප්‍රථම අඩිතාලම බව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය පවසයි.

එහි සභාපති සුගත් හේවාපතිරණ මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම සැණකෙළිය මගින් ලංකාවේ සුළු ව්‍යාපාරික ප්‍රජාවගේ ආදායම් මාර්ග උත්පාදනය කිරීමේ නව මාර්ගයකට පිවිසීමේ ප්‍රධාන අරමුණක් බවය.

Share.

Comments are closed.