පළාත් පාලන ආයතන 341න් ආයත 340ක නිල කාලය 19දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. ඒ අනුව එම ආයතනවල සියලු පරිපාලන කටයුතු  20දා සිට කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් යටතට පත් කෙරෙනු ඇති.

ඒ අනුව මහ නගර සභා 29හි බලය නාගරික කොමසාරිස්වරුන් යටතටත්, නගර සභා 36හි සහ ප්‍රාදේශීය සභා 275හි බලය එම ආයතනවල ලේකම්වරුන් යටතටත් පත්වෙනවා.

2018 වසරේ පෙබරවාරි 10 වනදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් අනතුරුව සභිකයින් තෝරාගැනීමෙන් පසු එම වසරේ මාර්තු 20 වනදා සිට පළාත් පාලන ආයතන 340ක සභිකයින්ගේ නිල කාලය ආරම්භ විය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා පමණක් වෙනම ඡන්ද විමසීමක් පැවැත්වීම හේතුවෙන් එහි නිල කාලය 2018 වසරේ ඔක්තෝබර් වලදී ආරම්භ වූ අතර ඒ අනුව එහි නිල කාලය ලබන ඔක්තෝබර් මාසයේදී අවසන්වීම නියමිතය.

වසර හතරක කාලයකට පසු පසුගිය වසරේ මාර්තු 20 වනදා පළාත් පාලන ආයතන 340ක නිල කාලය අවසන් වුවත් එවකට විෂයභාර අමාත්‍යවරයා සිය බලතල අනුව පළාත්පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කෙරිණි.

ඒ අනුව එසේ දීර්ඝ කළ පළාත්පාලන අයතනවල නිල කාලය 19 වෙනිදා අවසන් වෙයි. තවදුරටත් පළාත් පාලන ආයතනවල කාලය දිගු කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැති හෙයින් ඡන්දයක් පැවැත්වෙන තෙක් එහි පාලනය මෙසේ කොමසාරිවරුන් හා ලේකම්වරුන් යටතට පත්වෙනු ඇත.

Share.

Comments are closed.