රාමසාන් උත්සව  කාලසීමා​වේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය එමිරේට්ස්හි ඉෆ්තාර් වේලාව දැනුම්දෙන කාලතුවක්කු ඇති ස්ථාන හෙළි කොට තිබෙනවා. ශුද්ධ වූ මාසය පුරා කාලතුවක්කු වෙඩි තැබීම් මගින් නිරාහාර වේලාවේ අවසානය සහ මග්රිබ් යාච්ඤාව සඳහා කැඳවීම සමඟ ඉෆ්තාර් වේලාවේ ආරම්භය සනිටුහන් කරනවා.

රාස් අල් කයිමා සහ උම් අල් කුවේන් වලට අමතරව අබුඩාබි, අල් අයින් සහ අල් දෆ්රා හි විවිධ ස්ථානවල කාලතුවක්කු රඳවා තිබෙනවා. රාමසාන් කාලතුවක්කු වෙඩි තැබීම එරට සම්ප්‍රදායක් බවට පත්ව ඇත්තේ එමිරාතිවරුන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන් ඒවා නැරඹීමෙන් සතුටක් ලැබීමයි.

රාමසාන් මාසය තුළ, ඉෆ්තාර් කාලතුවක්කු එමිරේට්ස් කිහිපයකම දියත් කරනු ලබන අතර, ආශිර්වාද ලත් රාමසාන් මාසයේ ආරම්භය සනිටුහන් කරමින්, පැරණි සම්ප්‍රදායක් පුනර්ජීවනය කරමින්, සිරිත් විරිත් සුරකිමින් සහ සැබෑ සමාජ උරුමයට අනුගත වේ.

එක්ස්පෝ සිටි ඩුබායිහිත් (අල් වාස්ල් ප්ලාසාව ඉදිරිපිට), බර්ජ් කලීෆා අසලත්, ඩුබායි උත්සව නගරයේත්, මඩිනාත් ජුමෙයිරා, ඩමාක් සහ හත්තා ගෙස්ට් හවුස් අසලත් රඳවා තිබෙනවා.

අබුඩාබි නගරයේ ෂෙයික් සයීඩ් පල්ලියේ, Mushrif කලාපයේ Qasr Al-Hosn සහ Umm Al-Emarat Park සහ Shahama නගරයේ ෆෝමියුලා වාහන නැවැත්වීම් අංගන​යේ සහ අල්-අයින් නගරයේත්, මංගල ශාලාව සහ Al-Jahili Fort අසල Zakher ප්‍රදේශයේ සහ Al-Dhafra නගර​යේ Adnoc උද්‍යානයේ කාලතුවක්කු ස්ථානගත කෙරේ.

රාස් අල් කයිමාහි, Al Qawasim Corniche කොඩි කණුව අසල සහ Umm Al Quwain හි ෂෙයික් සයීඩ් පල්ලියේ කාලතුවක්කු ස්ථානගත කෙරෙනවා.

Share.

Comments are closed.