මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් ශුද්ධ වූ රාමසාන් මාසය තුළ ඩුබායි හි ගාස්තු අය කර​න වාහන නැවැත්වීමේ අංගනයන් ක්‍රියාත්මක ව​න වේලාවන් ප්‍රකාශයට පත් කර ඇත.

පොදු වාහන නැවැත්වීමේ ගාස්තු සඳුදා සිට සෙනසුරාදා දක්වා උදේ 8 සිට සවස 6 දක්වා; සහ රාත්‍රී 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා අදාළ වේ. TECOM ප්‍රදේශයේ (F කේතය සමඟ වාහන නැවැත්වීම), වේලාවන් උදේ 8 සිට සවස 6 දක්වා වේ. බහු මට්ටම් වාහන නැවැත්වීමේ පර්යන්ත (multi-level parking terminals) පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.

RTA විසින් ශුද්ධ මාසය තුළ එහි සියලුම සේවාවන්හි ව්‍යාපාරික වේලාවන්හි වෙනස්කම් ද නිවේදනය කරන ලදී.

මෙට්රෝ, පොදු ප්‍රවාහන​ය

රාමසාන් මාසය තුළ ඩුබායි මෙට්‍රෝ

  • සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදේ 5 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වාත්
  • සිකුරාදා උදේ 5 සිට උදෑසන 1 දක්වාත්
  • සෙනසුරාදා උදේ 5 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා සහ
  • ඉරිදා උදේ 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මක වේ.

ඩුබායි ට්‍රෑම් රථ

සඳුදා සිට සෙනසුරාදා දක්වා උදේ 6 සිට උදෑසන 1 දක්වාත්, ඉරිදා උදේ 9 සිට උදෑසන 1 දක්වාත් ක්‍රියාත්මක වේ.

බස් නැවතුම්පොළ උදේ 6 සිට උදෑසන 1 දක්වා විවෘතව පවතී.

පාරිභෝගික සේවා මධ්‍යස්ථා​න

මෙම මධ්‍යස්ථානවල සේවා කාලය සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදේ 9 සිට සවස 5 දක්වා, සහ සිකුරාදා උදේ 9 සිට දහවල් 12 දක්වා වේ.

Umm Ramool, Al Manara, Deira, Al Barsha සහ RTA ප්‍රධාන කාර්යාලයේ Smart Customer Happiness මධ්‍යස්ථාන පැය විසිහතර පුරා සුපුරුදු පරිදි ක්‍රියාත්මක වේ.

වාහන පරීක්ෂණ මධ්‍යස්ථාන

  • Tasjeel Jebel Ali: සඳුදා සිට බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා උදේ 7 සිට සවස 4 දක්වා; සහ සිකුරාදා උදේ 7 සිට දහවල් 12 දක්වා.
  • හත්තා: සඳුදා සිට බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා උදේ 8 සිට සවස 3 දක්වා; සහ සිකුරාදා රාත්‍රී 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා.
  • Al Mutakamela Al Quoz, Wasel Al Jaddaf, Nad Al Hamar, Tamam Al Kindi, Cars Al Mamzar, Cars Deira, Tasjeel Discovery, Al Aweer, AutoPro Al Satwa, AutoPro Al Mankhool, Tasjeel Al Tawar: සඳුදා සිට බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා උදෑසන වැඩ මුරය උ​දේ 8 සිට සවස 4 දක්වා; සවස වැඩ මුරය සවස 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා; සිකුරාදා උදෑසන වැඩ මුරය උ​දේ 8 සිට දහවල් 12 දක්වා සහ සිකුරාදා සවස වැඩ මුරය රාත්‍රී 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා.
  • Tasjeel Al Qusais, Tasjeel Al Barsha, Tasjeel Al Warsan: සඳුදා සිට බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා උදේ 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා; සිකුරාදා උදෑසන වැඩ මුරය උදේ 8 සිට 12 දක්වා; සහ සිකුරාදා සවස වැඩ මුරය සවස 3 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා.
  • Shamil Al Adhed, Shamil Muhaisnah, Shamil Nad Al Hamar, Shamil Al Qusais, Tajdeed, Wasl Al Arabi Center, Al Mumayaz Al Barsha, Al Mumayaz Al Mizhar, Tasjeel Motor City, Tasjeel Arabian City, Al Yalayes, Al Mutakamela, Al Aweer and Quick: සඳුදා සිට බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දක්වා, උදෑසන වැඩ මුරය උදේ 8 සිට සවස 4 දක්වා වන අතර සවස වැඩ මුරය රාත්‍රී 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා වේ. සිකුරාදා උදෑසන වැඩ මුරය උ​දේ 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා වන අතර සවස වැඩ මුරය රාත්‍රී 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා වේ.
Share.

Comments are closed.