Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Dubai Police»නීතිවිරෝධී​ව එන්ජිම් වෙනස් ක​ල වාහන 1,000 කට වැඩි ප්‍රමාණයක් ඩුබායි පොලිස් අත්අඩංගුවට – ඩිරාම් 2,000 දක්වා දඩ
Dubai Police

නීතිවිරෝධී​ව එන්ජිම් වෙනස් ක​ල වාහන 1,000 කට වැඩි ප්‍රමාණයක් ඩුබායි පොලිස් අත්අඩංගුවට – ඩිරාම් 2,000 දක්වා දඩ

Stanly KularathnaBy Stanly KularathnaMarch 23, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි පොලිසිය විසින් 2022 වසරේදී රථවාහන නීති උල්ලංඝණය කරමින් එන්ජිමේ වෙනස් කිරීම් ක​ල වාහන 1,195 ක් රාජසන්තක කරන ලදි. එන්ජිමේ වේගය වැඩි කිරීම සඳහා බල වර්ධක මගින් දැඩි ලෙස වෙනස් කර ශබ්දය ඇති කිරීම තුලින් වැසියන් අපහසුතාවයට පත් කොට තිබෙනවා. එම ප්‍රදේශයේම වාහන 4533කට දඩ මුදල් ද නිකුත් කිරීමට පොලිසිය කටයුතු කොට තිබෙනවා.

ඩුබායි පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් රථවාහන අංශයේ වැඩබලන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජෙනරල් ජුමා සේලම් බින් සුවෙයිදාන් පැවසුවේ 2022 වසරේ රථවාහන පොලිසිය විසින් සිදුකරන ලද පරීක්‍ෂණ මෙහෙයුම් වලදී වාහන 1079ක් රාජසන්තක කර 2361කට දඩ නියම කළ බවයි. වාහනයේ එන්ජිම හෝ චැසිය වෙනස්කිරීම සඳහා බලපත්‍රයක් නොමැතිව වාහන 116ක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, ශබ්දය ඇති කිරීම සම්බන්ධයෙන් වාහන 2,172කට ද දඬුවම් පමුණුවා ඇත.

මාර්ග භාවිතා කරන්නන්ට, ළමයින්ට, වැඩිහිටියන්ට සහ රෝගීන්ට අහිතකර ලෙස බලපාන මෙම නුසුදුසු හැසිරීම් මැඩපැවැත්වීම කෙරෙහි අවධානය යොමු කරමින් ඩුබායි පොලිස් මුර සංචාර එමීර් රාජ්‍යය පුරා ක්‍රියාත්මක කර​න බව ඔහු පැවසීය.

ඩුබායි පොලිසිය වාහන එන්ජින් ශබ්දය ඇති කිරීම සහ වෙනස් කරන රියදුරන්ට දඬුවම් කිරීම සඳහා අඛණ්ඩ පරීක්ෂණ ව්‍යාපාර ක්‍රියාත්මක කරන බව නිලධාරියා තහවුරු කළේය.

“ආරක්ෂාව, ස්ථාවරත්වය, සුවපහසුව සහ ජීවන තත්ත්වය භුක්ති විඳින අපේ සමාජයේ සාමයට ඔවුන් බලපානවා,” ඔහු පැවසීය.

බ්‍රිගේඩියර් ජනරාල් සුවයිඩන් ප්‍රකාශ කළේ 2023 වසරේ ආරම්භයේ සිට ඩුබායි පොලිසිය වාහන 250ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහනයේ එන්ජිමේ වෙනසක් සිදුකිරීම සම්බන්ධයෙන් 327කට දඩ නියම කර ඇති බවයි. ශබ්දය ඇති කරන වාහනයක් පැදවීම නිසා 230ක් නීතිය උල්ලංඝනය කර ඇති අතර ඔවුන් වාහන 19ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙමාපියන්ගේ කාර්යභාරය

තම දරුවන් පිළිබඳව පසු විපරම් කරන ලෙසත්, දරුවන්​ගේ මෙම හැසිරීමේ බරපතලකම සහ සමාජයට එහි බලපෑම පිළිබඳව ඔවුන් දැනුවත් කරන ලෙසත් බ්‍රිගේඩියර් ජෙනරාල් සුවයිඩන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

“රථවාහන ආරක්ෂාව සහතික කිරීම සහ සමාජයට ආරක්ෂාව සැපයීම සඳහා පොලිසිය දරන උත්සාහයන් සමඟ පවුලේ කාර්යභාරය අනුපූරක වේ” යනුවෙන් ඔහු අවධාරණය කළේය.

මාර්ග නීති

බලපත්‍රයක් නොමැතිව වාහනයේ එන්ජිම හෝ චැසිය වෙනස් කිරීම සඳහා දඬුවම ඩිරාම් 1,000 ක දඩයක්, කළු ලකුණු 12 ක් සහ වාහනය දින 30 කට අත්අඩංගුවේ රඳවා ගත යුතු බව නිලධාරියා පෙන්වා දුන්නේය. ශබ්දය ඇති කරන වාහනයක් පැදවීම සඳහා ඩිරාම් 2,000 දඩයක් සහ කළු ලකුණු 12 ක් වේ.

වාහනය හදිසියේ දිශාව වෙනස් කිරීම, රතු එළිය ම​ගහැරීම, නියමිත වේග සීමාව ඉක්මවා යාම, පැහැදිලි බව තහවුරු කර නොගෙන මාර්ගයට ඇතුළු වීම, තමාගේ ජීවිතයට හෝ අන් අයගේ ජීවිතවලට අනතුරක් වන අයුරින් වාහනයක් පැදවීම, මිනිසුන්ට අනතුරක් වන ආකාරයෙන් තවත් සැහැල්ලු වාහනයක් පටවාගෙන වාහනයක් පැදවීම, තනි අංක තහඩුවක් සහිත වාහනයක් පැදවීම අනතුරුදායක නීති කඩ කිරීම් ලෙසද ඔහු පැහැදිලි කළේය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසිරකරුවන් 399 දෙනෙකු නිදහස් කිරීමට සාජා පාලක ෂෙයික් සුල්තාන් නියෝග කරයි
Next Article මෝදිගේ නමට අපහාස කළ රාහුල්ට වසර දෙකක සිර දඩුවමක්
Stanly Kularathna

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.