රටේ වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වන පරිදි වර්ධනය වේගවත් කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේ උත්සාහයක් ලෙස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ රජය විසින් රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් (SRU) පිහිටුවා ඇත.
රජය සතු ව්‍යවසාය (SOE) අංශය වසර කිහිපයක සිට රටේ ආර්ථිකයට දැඩි බරක් වී තිබීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව,
- ශ්‍රී ලංකන් ගුවන් සේවය හා ශ්‍රී ලංකන් කේටරින්
- ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT)
- ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව (SLIC)
- කැන්විල් හෝල්ඩින්ස් (ග්‍රෑන්ඩ් හයාත් කොළඹ)
- හොටෙල් ඩිවෙලපර්ස් ලංකා (හිල්ටන් හෝටලය කොළඹ)
- ලිට්රෝ ගෑස් ලංකා හා ලිට්රෝ ගෑස් ටර්මිනල්ස්
- ලංකා හොස්පිටල්ස්
ඇතුළු විවිධ සමාගම් ප්‍රතිපත්තිමය වශයෙන් පෞද්ගලීකරණයට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
SRU විසින් කීර්තිමත්, සුදුසුකම් ලත් සහ පළපුරුදු උපදේශන සමාගම් සහ සංවර්ධන මූල්‍ය ආයතන උපදේශක සේවා සැපයීම සඳහා පත් කරනු ලබන අතර ගනුදෙනු සඳහා සහාය වීමට එවැනි ගනුදෙනු උපදේශකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතය. ගණුදෙණු උපදේශකයින්, ගනුදෙනු උපාය මාර්ගය සහ විකිනීමට නියමිත ආයතන අලෙවිකරණය සඳහා SRU වෙත සහාය වනු ඇත.
පෞද්ගලීකරණ වැඩසටහන SRU විසින් විනිවිදභාවයෙන් සහ විශ්වසනීය ලෙස සිදු කරනු ලබන අතර ආයෝජකයින් තෝරා ගැනීම EOI / RFP ක්‍රියාවලියක් සමඟ දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය වල ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ වෙළෙඳපොළ විකෘතිතා අවම කිරීම, ආයතනික කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ මහජනතාවට ලබාදෙන සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම තුළින් ඉහළ ආර්ථික ඵලදායිතාවක් සඳහා මෙම ප්‍රතිසංස්කරණ දායක වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.