එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිගරට් විකිණීම දැඩි ලෙස නිරීක්ෂණය කරනු ලබන අතර, මේවා කිසිවිටෙකත් වයස අවුරුදු 18ට අඩු ගැනුම්කරුවන් අතට පත් නොවිය යුතුය.

අබුඩාබි අධිකරණ දෙපාර්තමේන්තුව (ADJD) මෑතදී යළිත් අවධාරණය කළේ රටේ බාලවයස්කරුවන්ට දුම්කොළ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන විකිණීම නීති විරෝධී බවයි. මෙය ළමා අයිතිවාසිකම් නීතියේ 21 සහ 63 වගන්ති යටතට අයත් වන අතර එය “වදීම නීතිය” (Wadeema Law) ලෙසද හැඳින්වේ.

“අවම වශයෙන් වයස අවුරුදු 18 ක් වන බවට සාක්ෂි සපයන ලෙස ගැනුම්කරුගෙන් ඉල්ලා සිටීමට විකුණුම්කරුවන්ට අයිතියක් ඇත.”

අබුඩාබි අධිකරණ දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කලේ “සිගරට් යනු තවදුරටත් පෙට්ටිවල අසුරා කූරු ලෙස විකුණන ඒවා පමනක්ම නොවේ. දුම්කොළ නිෂ්පාදන ඉලෙක්ට්‍රොනික සිගරට්වල භාවිතා කරන තරලවල ස්වරූපයෙන් ද ගත හැකි අතර මේවා නීතියෙන් ද ආවරණය වේ.”

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තරුණයින්ට මෙම නිෂ්පාදන විකුණා හසු වූවන්ට ඩිරාම් 15,000 ට නොඅඩු දඩයක් හෝ අවම වශයෙන් මාස තුනක සිර දඬුවමක් ඇතුළුව දැඩි දඬුවම්වලට මුහුණ දීමට සිදුවේ.

Share.

Comments are closed.