මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවේ ප්‍රථම සහ විශාලතම අඩු වියදම් ගුවන් වාහක (LCC) ක්‍රියාකරු වන එයාර් ඇරබියා, Aviation Achievement Awards 2023 සම්මාන උළෙලේදී  “වසරේ අඩු වියදම් ගුවන් සේවය” සම්මානය දිනාගෙන ඇත. මෙහිදී ගුවන් සේවයේ ගෙවන මුදලට වටිනාක​ම, මෙහෙයුම් කාර්යක්ෂමතාව, ආදායම් වර්ධනය සහ මගීනට ස​පය​න සේවය ආදිය සැලකිල්ල​ට භාජනය කොට තිබෙනවා.

එයාර් ඇරබියා හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ඇඩෙල් අල් අලි, ‘වසරේ අඩු වියදම් ගුවන් සේවය’ ලෙස ගුවන් සේවා ජයග්‍රහණ සම්මාන ලැබීම පිළිබඳව සතුට පළ කර ඇත. මෙම ජයග්‍රහණය සමාගමේ ප්‍රවේශයට සාක්ෂියක් වන අතර, විශ්වාසනීය, දැරිය හැකි මිලකට සහ අගය එකතු කළ සේවාවක් මගීන්ට ලබා දීමේ අරමුණ ඇති බව ඔහු පැවසීය.

පසුගිය වසරේ ගුවන් සමාගම විවිධ මධ්‍යස්ථාන වලින් ක්‍රියාත්මක වන නව මාර්ග 24ක් සිය ලෝක ව්‍යාප්ත ජාලයට එක් කොට තිබෙනවා.

Share.

Comments are closed.