Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Humanitarian Aid»සිරියාවේ භූමිකම්පාවෙන් පීඩාවට පත් වූ අබාධිතයින්ට විදුලි රෝද පුටු
Humanitarian Aid

සිරියාවේ භූමිකම්පාවෙන් පීඩාවට පත් වූ අබාධිතයින්ට විදුලි රෝද පුටු

Stanly KularathnaBy Stanly KularathnaMarch 27, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් (ERC) ක්ෂේත්‍ර කණ්ඩායම පීඩාවට පත් වූ  සිරියානු වැසියන් වෙනුවෙන් “Gallant Knight / 2” මානුෂීය මෙහෙයුම අඛණ්ඩව සිදුකරනුලබන්​නේ Jableh සහ Latakia ප්‍රදේශ ඉලක්ක කර ගනිමිනි.

සිරියානු රෙඩ් ක්‍රෙසන්ට් සමඟ සම්බන්ධීකරණයෙන් හා එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් (ERC) හි අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම මුලපිරීම මගින්, විශේෂ අවශ්‍යතාවන් සහි​ත පුද්ගලයින්ට විදුලි රෝද පුටු ගණනාවක් ලබා දීමට අමතරව, වැඩිහිටි නිවාස ගණනාවකට වෛද්‍ය සැපයුම්, ඖෂධ සහ පෝෂණ අතිරේක බෙදා හැරීම සිදු කරන ලදි.

සිරියාවේ ප්‍රදේශ කිහිපයක මෙහෙයුම් සිදු කරමින් භූමිකම්පාවෙන් විපතට පත් පවුල් ගණනාවකට මනෝවිද්‍යාත්මක සහන උපකාර සහ ද්‍රව්‍යමය සහය ලබා දෙමින් ERC ක්ෂේත්‍ර කණ්ඩායම සහාය ලබා දීම සිදුකරනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එහි මානුෂීය හස්තය වන ERC​ විසින් සිරියානු ජනතාවගේ දුක් වේදනා සමනය කිරීම අරමුණු කරගත් නොපිරිහෙලා ලබාදුන් උත්සාහයන් සඳහා, ඔවුන්ගේ ස්තුතිය සහ අගය ප්‍රකාශ කළහ.

සිරියානු දරුවෙකු වන Zain Al Abidin රෝද පුටුවක් වැනි අත්‍යවශ්‍ය දෙයක් ලැබීම ගැන කෘතඥතාව පළ කළේය. ඔහු පැවසුවේ “මේ රෝද පුටුව මට අලුත් කකුල් දෙකක් වගේ. එය මට අවශ්‍ය ඕනෑම තැනකට යාමට සහ වේගයෙන් ගමන් කිරීමට උපකාරී වෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් වෙත ස්තුතියි.”

එක්සත් අරාබි එමීර් රාජ්‍යය “Gallant Knight / 2” මෙහෙයුමේ කොටසක් ලෙස සිරියාවේ ජනතාවට අඛණ්ඩව ආහාර සහ වෛද්‍ය සැපයුම් සැපයීමෙන් සහ සිරියාවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍ර හරහා අවශ්‍යතා පරතරය පියවා ගැනීමට උපකාර කිරීම සඳහා සිය ප්‍රයත්නයන් දිගටම ක්‍රියාත්මක කරයි.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE හි පොදු ප්‍රවාහන ගාස්තු ලෝකයේ ලාභම ගාස්තු අතරට
Next Article සාජා පුණ්‍යාධාර ජාත්‍යන්තරය ලොව පුරා රටවල් 41කට වැඩි ගණනක ඉෆ්තාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි
Stanly Kularathna

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.