එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් (ERC) ක්ෂේත්‍ර කණ්ඩායම පීඩාවට පත් වූ  සිරියානු වැසියන් වෙනුවෙන් “Gallant Knight / 2” මානුෂීය මෙහෙයුම අඛණ්ඩව සිදුකරනුලබන්​නේ Jableh සහ Latakia ප්‍රදේශ ඉලක්ක කර ගනිමිනි.

සිරියානු රෙඩ් ක්‍රෙසන්ට් සමඟ සම්බන්ධීකරණයෙන් හා එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් (ERC) හි අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම මුලපිරීම මගින්, විශේෂ අවශ්‍යතාවන් සහි​ත පුද්ගලයින්ට විදුලි රෝද පුටු ගණනාවක් ලබා දීමට අමතරව, වැඩිහිටි නිවාස ගණනාවකට වෛද්‍ය සැපයුම්, ඖෂධ සහ පෝෂණ අතිරේක බෙදා හැරීම සිදු කරන ලදි.

සිරියාවේ ප්‍රදේශ කිහිපයක මෙහෙයුම් සිදු කරමින් භූමිකම්පාවෙන් විපතට පත් පවුල් ගණනාවකට මනෝවිද්‍යාත්මක සහන උපකාර සහ ද්‍රව්‍යමය සහය ලබා දෙමින් ERC ක්ෂේත්‍ර කණ්ඩායම සහාය ලබා දීම සිදුකරනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එහි මානුෂීය හස්තය වන ERC​ විසින් සිරියානු ජනතාවගේ දුක් වේදනා සමනය කිරීම අරමුණු කරගත් නොපිරිහෙලා ලබාදුන් උත්සාහයන් සඳහා, ඔවුන්ගේ ස්තුතිය සහ අගය ප්‍රකාශ කළහ.

සිරියානු දරුවෙකු වන Zain Al Abidin රෝද පුටුවක් වැනි අත්‍යවශ්‍ය දෙයක් ලැබීම ගැන කෘතඥතාව පළ කළේය. ඔහු පැවසුවේ “මේ රෝද පුටුව මට අලුත් කකුල් දෙකක් වගේ. එය මට අවශ්‍ය ඕනෑම තැනකට යාමට සහ වේගයෙන් ගමන් කිරීමට උපකාරී වෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් වෙත ස්තුතියි.”

එක්සත් අරාබි එමීර් රාජ්‍යය “Gallant Knight / 2” මෙහෙයුමේ කොටසක් ලෙස සිරියාවේ ජනතාවට අඛණ්ඩව ආහාර සහ වෛද්‍ය සැපයුම් සැපයීමෙන් සහ සිරියාවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍ර හරහා අවශ්‍යතා පරතරය පියවා ගැනීමට උපකාර කිරීම සඳහා සිය ප්‍රයත්නයන් දිගටම ක්‍රියාත්මක කරයි.

Share.

Comments are closed.