Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අප්‍රේල් අවසන් සතියේ අමාත්‍ය මණ්ඩලයට
Uncategorized

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අප්‍රේල් අවසන් සතියේ අමාත්‍ය මණ්ඩලයට

Stanly KularathnaBy Stanly KularathnaMarch 31, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මේ වනවිට කෙටුම්පත් කර අවසන් කර ඇති ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අප්‍රේල් මස අවසන් සතියේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

අද දින (30) පෙරවරුවේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී පැවැති කෘෂිව්‍යවසායකයින් පිරිසක් විසින් සංවිධානය කරන ලද පුද්ගලික ව්‍යවසායකත්ව වැඩ මුළුවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සකස් කිරීමේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම අදහස් ලබා ගැනීමට නියමිතය. කෘෂිකර්මයට අමාත්‍යවරයා වෙනස් වන විට වෙනස් නොවන, රජයන් වෙනස් වනවිට වෙනස් නොවන කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම තම අරමුණ බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

එමෙන්ම සියලුම ගොවි නියෝජිතයින්ගේ අදහස් හා යෝජනා ද ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සකස් කිරීමට ලබා ගැනීමට ද කටයුතු කර තිබේ. කෘෂිකාර්මික ක්ෂේත්‍රයට මෙන්ම පශු සම්පත් අංශයට වෙනමම ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම දැන් ආරම්භ කර තිබෙනවා.

ලබන යල කන්නයේ දී කිසිදු හිගයකින් තොරව පොහොර ලබා දීමට රජය ඊයේ තීරණය කොට තිබෙනවා. ගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති පොහොර ලබා දීම පිළිබඳ අවසන් කමිටු රැස්වීමේ දී ඉදිරි කන්නයේ කිසිදු පොහොර හිඟයක් නොතිබිය යුතු යැයි තීරණය කළ බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරාමසාන් මාසය තුළ අල් මක්ටූම් පාලම සතිය​ට දින හයක් අර්ධ වශයෙන් වසා තැබේ.
Next Article ඩුබායිහි පිදෙන කිරි අම්මාවරු දානය හෙට උදෑසන
Stanly Kularathna

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.