Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»කොළඹ කුණු ටොන් 300ක් දිනපතා ආරුවක්කාලුවට
Uncategorized

කොළඹ කුණු ටොන් 300ක් දිනපතා ආරුවක්කාලුවට

Stanly KularathnaBy Stanly KularathnaApril 3, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කොළඹ අග නගරය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ඉදිරියටත් තිරසර ලෙස පවත්වාගෙන යාම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිවේ.

මම ව්‍යාපෘතිය ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙසට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පසුගියදා නාගරික සහ නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබිණි. ඒ අනුව සුදුසු ක්‍රමවේදයක් සැකසීම සඳහා අමාත්‍යංශ ලේකම්වරයා විසින් විශේෂඥ තාක්ෂණික කට්ටුවක් පත් කරනු ලැබී​ය.

එම විශේෂඥ තාක්ෂණික කමිටුව විසින් කොළඹ අගනගරය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දීර්ඝ තාක්ෂණික විශ්ලේෂණයක් කිරීමෙන් අනතුරුව වාර්තාවක් ඉදිරිපත්කර තිබේ. එම වාර්තාවට අනුව මෙම ව්‍යාපෘතියේ ආරම්භක සැලැස්ම අනුව පවත්වාගෙන යාම සඳහා රුපියල් බිලියන 2.125ක පමණ වාර්ෂික පිරිවැයක් දැරීමට සිදුවේ.

එමෙන්ම මෙම ව්‍යාපෘතියෙන් දිනකට කසල මෙට්‍රික් ටොන් 300 ක් ආර්ථිකමය වාසි ලබාගත හැකි බවද අදාළ කමිටු වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

සාමාන්‍යයෙන් කොළඹ නගරයේ පමණක් දිනකට කැලිකසල මෙට්‍රික් ටොන් 600ට අධික ප්‍රමාණයක් එකතුවේ. එම කසළ කැලණිය ප්‍රදේශයට එකතුකර එතැන්සිට දුම්රිය මගින් අරුවක්කාලු

ප්‍රදේශයට රැගෙනගොස් සනීපාරක්ෂක ක්‍රමයට රඳවනු ලැබේ.

අරුවක්කාලු ප්‍රදේශයේ අක්කර 265ක භූමි ප්‍රදේශයක මෙම සනීපාරක්ෂක කසළ රදවන ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර, එමඟින් අක්කර කිහිපයක්ම උද්‍යානයක් ලෙස අලංකාර කිරීම, ආරක්ෂක භූමි සහ පරිසර හිතකාමී තත්ත්වය ඇති කිරීමට වෙන් කර තිබීම ද විශේෂත්වයකි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ පුද්ගලික සමාගමක් සමඟ එක්ව රජයේ මුදල් භාවිත නොකර මූල්‍යමය ලෙස ලාභදායි සහ රටට හිතකර සහ තිරසර ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි. ව්‍යාපාර ආකෘතියක් යටතේ මෙම ව්‍යාපෘතිය කරගෙන යෑමෙන් රජයට යම් කිසි ලාභාංශයක් ලබාගත හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එමෙන්ම අරුවක්කාලු විද්‍යාත්මක සනීපාරක්ෂක කසළ රඳවනයෙහි තැන්පත් කර, එමඟින් බලශක්තිය සඳහා ස්වභාවික වායුව සහ වගා කිරීම සඳහා ජලය ද ලබා ගත හැකි බවද සඳහන් කරයි.

මෙරටකැළි කසළ අර්බුදයට නිසි විද්‍යාත්මක පරිසර හිතකාමී විසඳුමක් ලබා දී ප්‍රයෝජනවත් අතුරුඵල ලැබෙන පරිදි පරිසර හිතකාමී සනීපාරක්ෂක කසළ රඳවන ලෝකයේ දියුණු රටවල සුලභව දක්නට ලැබෙන බවත්, මෙය මෙරට කැළි කසළ ගැටලුවලට සාර්ථක විසඳුමක් ලැබෙන ව්‍යාපෘතියක් බවත් අමාත්‍යවරයා පවසයි.

මෙරට කැළි කසළ අර්බුදයට විද්‍යාත්මක හා පරිසර හිතකාමී දීර්ඝ කාලීන විසඳුමක අවශ්‍යතාව දීර්ඝ කාලයක් තිස්සේ පැවතුණු අතර, මෙම ක්‍රියාවලිය සඳහා මුලින්ම අවධානය යොමු කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කරන කාලයේ දීය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසාජා හි අල් කස්බා වාර්ෂික ආහාර උත්සවය ඇර​​ඹේ
Next Article විදේශ ගත ශ්‍රි ලාංකිකයන්ට ලබාදෙන තීරුබදු රහිත දීමනාව ඉහළ නංවයි
Stanly Kularathna

Related Posts

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.