රාමසාන් මාසය ආරම්භ වූ මාර්තු 23 වෙනිදා සිට ඩුබායි පොලිසිය මේ දක්වා යාචකයින් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නිවේදනය කර තිබෙනවා.

යාචක විරෝධී ව්‍යාපාරයේ කොටසක් ලෙස, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් ස්ථාන සමඟ සහයෝගයෙන්, නිලධාරීන් මේ දක්වා ශුද්ධ මාසයේ සිඟමන් යදිමින් සිටි පිරිමින් 31ක් සහ කාන්තාවන් 36ක් අත්අඩංගුවට ​ගෙ​න තිබෙනවා.

සාමාන්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කර්නල් අලි සලීම් අල් ෂම්සි පැවසුවේ, ‘සිඟාකෑම අනුකම්පාව පිළිබඳ වැරදි සංකල්පයක්’ යාචක විරෝධී ව්‍යාපාරයේ අරමුණ වන්නේ “අන් අය​ගේ අනුකම්පාව සූරාකන” යාචකයින් සහ වීදි වෙළෙන්දන්ගේ සංඛ්‍යාව අඩු කිරීමයි.

ආරක්ෂක තර්ජනය

හිඟාකෑම ආරක්ෂාවට සහ සමාජයේ ආරක්ෂාවට, දේපළවලට සහ රටේ ප්‍රතිරූපයට තර්ජනයක් බව, කර්නල් අල් ෂම්සි වැඩිදුරටත් පැවසීය. සිඟමන් යැදීම, සොරකම්, මංකොල්ලකෑම් වැනි බරපතළ ප්‍රතිවිපාකවලට සම්බන්ධ බවත්, දරුවන්, රෝගීන් සහ අයථා ලාභ සඳහා ආභාධි​ත පුද්ගලයන් සූරාකෑම වැනි දේවලට සම්බන්ධ බවත් ඔහු පැහැදිලි කළේය.

රාමසාන් සමයේදී පුද්ගලයන්ට මූල්‍ය ආධාර ලබා ගැනීමට හෝ ආහාර ලබා ගැනීමට නිල ආයතන, පුණ්‍යායතන සහ සංගම් පවතින බව ඔහු අවධාරණය කළේය.

හිඟාකෑමට එරෙහිව සටන් කිරීම සම්බන්ධයෙන් 2018 අංක 9 දරන ෆෙඩරල් නීතිය යටතේ සිඟමන් යැදීම නීති විරෝධී බවත් දඬුවම් ලැබිය හැකි බවත් අධ්‍යක්ෂවරයා මහජනතාවට සිහිපත් කළේය.

යාචකයින්ගේ ආයාචනාවලට ප්‍රතිචාර නොදක්වන ලෙසත්, ඩුබායි පොලිස් ඇප් එකේ 901 ඇමතුම් මධ්‍යස්ථානය හෝ Police Eye සේවාව හරහා යාචකයෙකු ගැන වහාම වාර්තා කිරීමෙන් පොලිසියට සහාය වන ලෙසත් කර්නල් අල් ෂම්සි මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සමාජ මාධ්‍ය සහ විද්‍යුත් තැපෑලෙන් යාචකයන්ගෙන් ලැබෙන වංචනික විද්‍යුත් පණිවිඩවලට ගොදුරු වීමට එරෙහිව ඔහු ප්‍රජාවට අනතුරු ඇඟවීය. එවැනි පණිවිඩ නොසලකා හැර ඊ-ක්‍රයිම් වේදිකාව හරහා වාර්තා කරන ලෙස ඔහු මහජනතාවට උපදෙස් දුන්නේය.

Share.

Comments are closed.