එමරාති පුරවැසියන්ට අන්තර්ජාලය හරහා විශේෂ බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ හැකි අතර එමඟින් පුරවැසියන්ට තම නිවෙස් අසල නොමිලේ වාහන නැවැත්වීමට ඉඩ සලසයි. නොමිලේ වාහන නැවැත්වීමේ සේවාව පදිංචි ස්ථානයේ සිට මීටර් 500 ක අරයක් තුළ සියලුම ගෙවන පොදු වාහන නැවැත්වීමේ ප්‍රදේශ දක්වා විහිදේ.

පුරවැසියන්ට RTA වෙබ් අඩවිය හරහා තම අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. අධිකාරියට එමිරේට්ස් හැඳුනුම්පතේ පිටපතක්, වලංගු Ejari විස්ත​ර (නිවාස විස්ත​ර) සහ වාහන හිමිකාරිත්වය පිළිබඳ සාක්ෂි අවශ්‍ය වේ.

සෑම නිවසකටම නොමිලේ ලබා දෙන බලපත්‍ර ගණන නිවසේ ප්‍රමාණය මත රඳා පවතී.

  • කාමරයක් සහ ශාලාවක් හෝ ස්ටුඩියෝවක් සහිත වාසස්ථානයකට බලපත්‍ර දෙකක් ද
  • කාමර දෙකක් සහ ශාලාවකට බලපත්‍ර 3 ක් ද
  • කාමර 3 ක් සහ ශාලාවක් සහිත නිවසකට බලපත්‍ර 4 ක් ද

නොමිලේ ලැබේ.

වෙබ් අඩවියේ දක්වා ඇති මාර්ගෝපදේශ සහ ක්‍රියා පටිපාටිවලට අනුව, අයදුම්පත සැකසීමට ගත වන්නේ වැඩ කරන දින දෙකක් පමණි. අයදුම්පත අනුමත කර ඇත්නම්, බලපත්‍රය විද්‍යුත් තැපෑලෙන් යවනු ලැබේ.

මේ අතර, සියලුම පදිංචිකරුවන් සඳහා seasonal parking permits තිබේ. මේවා කාණ්ඩ දෙකකින් පැමිණේ:

A –   මෙම බලපත්‍රය ඩුබායි හි ගෙවන වාහන නැවැත්වීමේ කලාප A,B,C සහ D හි භාවිතා කළ හැක.

B –  මෙම කාණ්ඩය භාවිතා කළ හැක්කේ ගෙවන වාහන නැවැත්වීමේ කලාප B සහ D වල පමණි.

Dubai Internet City, Dubai Media City, Knowledge Village, Sheikh Mohammed Bin Rashid Boulevard, Deira Fish market, Dubai Silicon Oasis and Gold Souq හැර අනෙකුත් සියලුම ස්ථානවල ගෙවන වාහන නැවැත්වීමේ බලපත්‍ර භාවිතා කළ හැකිය.

වාහන නැවැත්වීමේ කාඩ්පත්වල මිල පහත පරිදි වේ:

A කාණ්ඩය:

– මාස 1: ඩිරාම් 500

– මාස 3: ඩිරාම් 1400

– මාස 6: ඩිරාම් 2,500

– මාස 12: ඩිරාම් 4,500

B කාණ්ඩය:

– මාස 1: ඩිරාම් 250

– මාස 3: ඩිරාම් 700

– මාස 6: ඩිරාම් 1,300

– මාස 12: ඩිරාම් 2,400

Share.

Comments are closed.