අබුඩාබි පොලිසිය මෑතකදී රියදුරන්ට මතක් කර දුන්නේ දිනපතා පාසල් බස්රථවල යන සිසුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පවතින දැඩි නීති රීති පිළිබඳව ය.

සමාජ මාධ්‍යවල බෙදා හරින ලද උපදේශනයක, පාසල් බස් රථවල නැවතුම් සංඥා අත (stop sign arm) පෙරළීමෙන් පසු සෑම විටම තම මෝටර් රථ සම්පූර්ණයෙන්ම නවත්වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේය.

විශේෂයෙන්ම පාසල් බස් රථයේ සිට මීටර් පහක් දුරින් මෝටර් රථ නැවැත්විය යුතු බව අබුඩාබි පොලිසිය පවසයි. සියලුම සිසුන් ආරක්ෂිතව ඉවත්ව යාමට සමත් වන තුරු උපද්‍රව ලයිට් (Hazard lights) ද දැල්විය යුතුය.

තවත් ඉඟි දෙකක්:

  • තනි මංතීරු මාර්ගවල, දෙපැත්තේම රියදුරන් අවම වශයෙන් මීටර් පහක් දුරින් නතර කළ යුතුය.
  • ද්විත්ව මංතීරු මාර්ග ව​ල රියදුරු බස් රථය ගමන් කරන දිශාවටම අවම වශයෙන් මීටර් පහක් පමණ දුරින් නතර කළ යුතුය.

    “STOP” ලකුණ ප්‍රදර් ශනය වන විට නතර නොකිරීම බරපතල රථවාහන වරදක් වන අතර එය ඩිරාම් 1,000 ​ක දඩයකට සහ කළු ලකුණු 10කට යටත් වේ.

    Share.

    Comments are closed.