සංචාරක අයර් ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දිවා භෝජනය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම සඳහා ප්‍රථමයෙන් පන්දුවට පහ‌රදමින් සිටින ශ්‍රී ලංකා පිල මේ වන විට කඩුළු 6ක් දැවී ලකුණු 503ක් රැස්කර ගැනීමට සමත්ව තිබේ.

නොදැවී පන්දුවට පහරදෙන දිනේශ් චන්දිමාල් ලකුණු 66ක් රැස්කර ගෙන සිටියි.

ඔහුට අනගි සහයක් ලබාදෙන සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 55ක් ලබාගෙන සිටියි.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 179ක් රැස්කර ගැනීමට සමත් විය. ඊට හතරේ පහරවල් 15ක් ද ඇතුළත් වි​ය. කුසල් මෙන්ඩිස් රැස්කර ගත ලකුණු සංඛ්‍යාව 140කි. ඊට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 18ක් ද ඇතුළත් වි​ය.

Share.

Comments are closed.