Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ලංකාවේ රිළවු ඇමරිකාවත් ඉල්ලයි
Uncategorized

ලංකාවේ රිළවු ඇමරිකාවත් ඉල්ලයි

Stanly KularathnaBy Stanly KularathnaApril 17, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

චීනය විසින් ශ්‍රී ලංකාවේ රිළවුන් ලබා ගැනීමේ සූදානමක් පවතින බවට තොරතුරු දැන ගැනීමෙන් පසු ඇමරිකාව ද මෙරටින් රිළවුන් ලබා ගැනීමට ඉල්ලුම් කර ඇත. එනමුත්, ඇමරිකාවට අවශ්‍ය රිළවුන් සංඛ්‍යාව කොතෙක්දැයි තවම දැනුම්දී නැතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසා තිබෙනවා.

පළමුව චීනයට රිළවුන් ලක්ෂයක් ලබාදීමට අදාල ක්‍රමවේදය සැකසීමට කමිටුවක් පත් කිරීම උදෙසා කැබිනට් පත්‍රිකාවක් කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා කීවේය.

රිළවුන් පිටරට යැවීම සුදුසු බවත්, එම සතුන් පිටරට නොයවන්නැයි කිසිවකු ප්‍රකාශ කර නැතැයිද ඔහු සදහන් කළේය.

මෙරට රිළවුන් ලක්ෂ 30කට වැඩි සංඛ්‍යාවක් ජීවත් වන බවත්, රිළා ගහණය එන්න එන්න වැඩිවීම නිසා වගාවන්ට සිදුවන හානියද ඉහළ ගොස් ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර, මෙරට රිලවුන්ට වධ හිංසා පැමිණවීමේදී හා මරා දැමීමේදී චීනය තුන්වැනි පාර් ශවයක් ලෙස යොදා ගැනීමට මෙරට බලධාරීන්ගේ අදහසක් පවතින්නේ දැයි මෙවැනි කටයුතු වලින් සැකයක් මතුවන බව පරිසර සංවිධාන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

වනජීවි සහ ස්වභාව ආරක්ෂණ සංගමය (WNPS), පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ), පරිසර සංවිධාන සම්මේලනය (FEO) සහ තවත් සංවිධාන කිහිපයක් විසින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

රිළවුන්ගේ තිබෙන මානව ගුණාංග ආදී කරුණු නිසා අමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා එම සතුන්ට විශාල ඉල්ලුමක් පවතින බවත්, මෙම සතුන් සත්වෝද්‍යාන වලට විකිණීමෙන් ලැබෙන ආදායමට වඩා මෙවැනි වෙළඳාමකින් ලැබෙන ආදායම බෙහෙවින් වැඩිවනු ඇති බවත් පරිසර සංවිධාන ස​ඳහන් කරයි. තවද එමගින් සිදුවන්නේ වසා දැමූ කූඩුතු​ල සතුන්ගේ ඉතිරි කාලය ගත කිරීම බවද එම සංවිධාන පවසයි.

රිළවු ගහණය වැඩිවන බවට විවිධ ප්‍රකාශ ඉදිරිපත් කළද, එය තහවුරු කිරීමට දීප ව්‍යාප්ත සංගණනයක් හෝ සිදුකර නැතැයිද, මෙරට ජීවත්වන ඇතැම් වඳුරු විශේෂ ලෝක සංරක්ෂණ සංගමය (IUCN) විසින් දැඩි වඳවීමේ තර් ජනයට ලක්ව ඇති සතුන්ගේ ලැයිස්තුවටද ඇතුලත් කර තිබෙන බවද අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකා පිල ලකුණු 500 ඉක්මවයි
Next Article අබුඩාබි​යේ දිනකට ප්ලාස්ටික් බෑග් භාවිතය මිලියන භාගයකින් අඩු කරයි
Stanly Kularathna

Related Posts

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.