Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Dubai Police»ඩුබායිහි, ආරක්ෂිත ඊද් අල් ෆිතර් උත්සවයක් සහතික කිරීම සඳහා අමතර ආරක්ෂක පියවර
Dubai Police

ඩුබායිහි, ආරක්ෂිත ඊද් අල් ෆිතර් උත්සවයක් සහතික කිරීම සඳහා අමතර ආරක්ෂක පියවර

Stanly KularathnaBy Stanly KularathnaApril 20, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මීළඟ අඩ සඳ දැකීම මත සිකුරාදා හෝ සෙනසුරාදා ආරම්භ වන ඊද් අල් ෆිතර් උත්සවය වැසියන්​ට ආරක්ෂිත සහ විනෝදජනක සැමරුම් සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු සූදානම් කිරීම්, ඔවුන්ගේ හවුල්කරුවන් සමඟ අවසන් කර ඇති බව ඩුබායි පොලිසිය තහවුරු කොට තිබෙනවා.

මෙහෙයුම් කටයුතු පිළිබඳ සහකාර අණදෙන නිලධාරී සහ සිදුවීම් ආරක්ෂක කමිටු ප්‍රධානී මේජර් ජෙනරාල් අබ්දුල්ලා අලි අල් ගයිති පැවසුවේ ඒකාබද්ධ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරමින් කමිටුව සැමරුම් සඳහා සම්පූර්ණයෙන්ම සූදානම් බවයි. මෙම සැලැස්මට ඊද් යාඥා පවත්වන සියලුම මුස්ලිම් පල්ලි සහ විශාල යාඥා භූමි සුරක්ෂිත කිරීම, සියලුම මාර්ගවල මුර සංචාර යෙදවීම සහ වැදගත් ප්‍රදේශ, සංචාරක ස්ථාන, සාප්පු සංකීර්​ණ සහ විවෘත වෙලඳපොලවල ආරක්ෂක පියවර වැඩි කිරීම ඇතුළත් වෙනවා.

ඩුබායි හි ආරක්ෂක පියවර ශක්තිමත් කිරීම සඳහා :

  • රථවාහන සැරයන්වරුන් 66 ක්
  • පුද්ගලික ආරක්ෂක නිලධාරීන් 798 ක්
  • ඩුබායි වෙරළ තීරයේ ජීවිතාරක්ෂකයින් 165 ක්
  • සමුද්‍ර ආරක්ෂක බෝට්ටු 14ක්
  • ගිලන් රථ 123 ක්
  • පරිපූරක වෛද්‍යවරුන් 738ක්
  • ගලවා ගැනීමේ බෝට්ටු 10 ක්
  • පොලිස් නිලධාරීන් 4,387ක්
  • බයිසිකල් මුර සංචාර 29ක්
  • ආරක්ෂක මුර සංචාර 465ක්
  • සිවිල් ආරක්ෂක වාහන 75ක්
  • කුඩා දොඹකර 24 ක්
  • ගොඩබිම් ගලවා ගැනීමේ මුර සංචාර 17ක් යොදවනු ඇති.

මහජන උපදේශනය

විශේෂිත පොලිස් කණ්ඩායම්වල කඩිනම් පැමිණීම සහතික කරමින් පැය 24පුරා ක්‍රියාත්ම​ක හදිසි වාර්තා ලබා ගැනීමට අණ සහ පාලන මධ්‍යස්ථානයේ සූදානම අල් ගයිති විසින් තහවුරු කරන ලදී. හදිසි නොවන අවස්ථා සඳහා 901 සහ හදිසි අවස්ථා සඳහා 999 ඇමතීමට හෝ කිසියම් නිරීක්ෂණ හෝ උල්ලංඝනයක් වාර්තා කිරීමට ඩුබායි පොලිස් යෙදුම හරහා Police Eye සේවාව භාවිතා කරන ලෙස ඔහු මහජනතාවට මතක් කළේය.

ගිනිකෙළි අනතුරු ඇඟවීම

මාර්ගවල වේග සීමාවන් පිළිපදින ලෙසත්, අධික වේගයෙන් රිය පැදවීමෙන් වළකින ලෙසත්, පොදු ස්ථානවල සහ වෙරළ තීරයන්හි ළමුන් කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් අල් ගයිති ජනතාවගෙන් ඉල්ලා සිටියේය. පිලිස්සුම් තුවාල, විකෘතිතා සහ සදාකාලික ආබාධිත තත්ත්වයන් ඇති කිරීම වැනි අනතුරු හේතුවෙන් ඊද් සමයේදී තම දරුවන්ට ගිනිකෙළි සමඟ සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන ලෙස ඔහු තවදුරටත් පවුල්වලට අනතුරු ඇඟවීය. ගිනිකෙළි මගින් ජීවිත හා දේපළවලට තර්ජනයක් වන ගිනි ගැනීම් ද ද්‍රව්‍යමය හා පාරිසරික හානි ​ද සිදු විය හැකි බව සඳහන් කලා.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි දේපල වෙළඳාම් 80% කින්, ඩොලර් බිලියන 157 දක්වා ඉහළ​ට
Next Article ඩුබායිහි ඊද් අල් ෆිතර් උත්සවයට පෙර පරීක්ෂා කිරීම්, සූදානම තීව්‍ර කරයි
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.