Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»2023 පළමු මාස තුන තුළ පුද්ගලික අංශයේ සේවය කරන එමරාති සේවකයින් සංඛ්‍යාව 11% කින් වර්ධනය වේ
Uncategorized

2023 පළමු මාස තුන තුළ පුද්ගලික අංශයේ සේවය කරන එමරාති සේවකයින් සංඛ්‍යාව 11% කින් වර්ධනය වේ

Stanly KularathnaBy Stanly KularathnaApril 21, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මානව සම්පත් සහ එමරාතිකරණ අමාත්‍යාංශයට (MoHRE) අනුව 2023 පළමු මාස තුන තුළ එමරාතිකරණය අඛණ්ඩව සුවිශේෂී ප්‍රතිඵල අත්කර ගෙන ඇත. 2022 සංඛ්‍යාලේඛනවලට සාපේක්ෂව 2023 පළමු කාර්තුවේදී පෞද්ගලික අංශයේ සේවයේ නියුතු එමරාති සේවකයින් සංඛ්‍යාව 11% කින් වර්ධන​ය විය.

“2023 ආරම්භයේ සිට එමරාති ජාතිකයින් 10,500 කට වැඩි පිරිසක් පුද්ගලික අංශයට සම්බන්ධ වී ඇති අතර, පුද්ගලික අංශයේ මුළු එමරාති සේවකයින් සංඛ්‍යාව 66,000 ඉක්මවා ඇත” යනුවෙන් MoHRE පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව මෙම වසරේ මුල් කාර්තුවේදී එමරාති සේවකයින් සේවයේ යොදවන පෞද්ගලික අංශයේ සමාගම් සංඛ්‍යාවේ 13 %ක වර්ධනයක් පෙන්නුම් කරන බවද එම නිවේදනයේ දැක්වේ. එසේම, 2023 ආරම්භයේ සිට එමරාති සේවකයින් සේවය​ට ගත් සමාගම් 2,000කට වැඩි ප්‍රමාණයක් ඇතුළුව එමරාති ජාතිකයන් බඳවා ගන්නා මුළු සමාගම් සංඛ්‍යාව 16,000 ඉක්මවා ඇත.

MoHRE ට අනුව, මෙම ප්‍රවණතාවය දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. “සේවකයින් 50ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින පුද්ගලික අංශයේ සමාගම් සඳහා 1%ක අර්ධ වාර්ෂික එමරාතිකරණ ඉලක්කය සපුරා ගැනීමේ අවසාන දිනය 2023 ජුනි 30 වන දින වන බැවින් ඉදිරි මාස දෙක තුළ එමරාති සේවකයින් සේවයේ යෙදවීමේ ශක්තිමත් රිද්මයක් අපි අපේක්ෂා කරමු,” යයි නිවේදනයේ සඳහන්.

මෙම වසර ආරම්භයේ සිට, සේවකයින් 50ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින ආයතන සඳහා ඔවුන්ගේ එමරාතිකරණ අනුපාතය සමස්ත පුහුණු රැකියාවලින් 2%කින් ඉහළ නැංවීම අනිවාර්ය විය. එය පෞද්ගලික අංශයේ සියලුම අංශ සහ ක්ෂේත්‍ර ආවරණය කරයි. පිළිපැදීමට අපොහොසත් වන අය රැකියාවක් නොකරන සෑම එමරාති සේවකයෙක් සඳහාම මසකට ඩිරාම් 6,000 ගෙවිය යුතුය.

රැකියා අංශ

2022 ට සාපේක්ෂව 2023 පළමු කාර්තු​වෙ හි වැඩිපුරම එමිරාතිවරුන් සේවයේ යොදවන ප්‍රධාන අංශ පහක් ඇති බ​ව අමාත්‍යාංශයේ ප්‍රතිඵලවලින් අනාවරණය විය.

  • ව්‍යාපාරික සේවා අංශය 10 %ක වර්ධනයක් ද,
  • වාණිජ හා අලුත්වැඩියා සේවා 13% ක වර්ධනයක් ද,
  • ඉදිකිරීම් 14% ක වර්ධනයක් ​ද,
  • මූල්‍ය තැරැව්කාර කටයුතු 4 %ක වර්ධනයක් ​ද,
  • නිෂ්පාදනය කටයුතු සියයට 10% ක වර්ධනයක් ද පෙන්නුම් කරයි.

2023 පළමු මාස තුන තුළ එමරාතිවරුන් 5,000කට වැඩි පිරිසක් වෘත්තීය උපදේශන සේවාවලින් ප්‍රතිලාභ ලබා ඇත.

“එක්සත් අරාබි එමීර් රාජ්‍යය රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වයන් හරහා ආර්ථික සංවර්ධනය සඳහා ක්‍රියා කරන අතර රැකියා වෙළඳපොලේ, විශේෂයෙන් පුද්ගලික අංශයේ එමරාතිවරුන්ගේ භූමිකාව වැඩි දියුණු කිරීම සඳහා ඉලක්කගත ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට උනන්දු වෙයි,” MoHRE වැඩිදුරටත් පැවසීය.

මෙම වසරේ, MoHRE සහ එමරාති තරඟකාරීත්ව කවුන්සිලය (Nafis) එමරාතිකර​න දත්ත ව්‍යාජ ලෙස සකස් කරන සමාගම් සඳහා විශා​ල දඩ සහ දඬුවම් ක්‍රියාත්මක කිරීමට පටන් ගත්හ. රීතියට අනුව, නෆීස් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ව්‍යාජ එමරාතිකර​​ණ​ය සිදු කරන ලද ආයතනයකට සෑම ව්‍යාජ එමරාති සේවකයෙකුටම ඩිරාම් 20,000 සහ ඩිරාම් 100,000 අතර දඩයකට මුහුණ දිය හැකිය.

මේ වන විට ‘ව්‍යාජ එමරාතිකරණ’ අවස්ථාවන් 380 කට අධික සංඛ්‍යාවක් අනාවරණය වී ඇති බව නිවේදනය කරන ලදි. 2023 ජනවාරි මාසයේදී, MoHRE විසින් පසුගිය වසරේ එමරාතිකරණ ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සමාගම් 20ක් සඳහා අධිකරණ​යේ නඩු පවරන ලදි. එමරාතීන් 296ක් සඳහා ව්‍යාජ එමරාතිකරණ​ය කිරීමේ වරදට පෞද්ගලික ආයතනයක හිමිකරුවෙකු සහ කළමනාකරුවෙකු සිරගත කිරීමටද අධිකරණ​ය නියම කළේය.

එමරාතීකරණය සංඛ්‍යා වලින්

  • පුද්ගලික අංශයේ සමාගම් 2,000+ 2023 ආරම්භයේ සිට එමරාතීන් සේවයේ යොදවා ඇත.
  • 10,500+ එමරාතීන් 2023 ආරම්භයේ සිට පුද්ගලික අංශයට සම්බන්ධ විය
  • 66,000+ එමරාතී ජාතිකයන් පුද්ගලික අංශයේ සේවය කරයි
  • 2023 පළමු කාර් තුවේදී එමරාතීන් සේවයේ යොදවන පෞද්ගලික අංශයේ සමාගම් සංඛ්‍යාවෙහි 13%ක වැඩිවීමකි.
Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඊද් අල් ෆිතර් උත්සවය වෙනුවෙන් ඩුබායිහි උද්‍යාන හා විනෝදාත්මක ස්ථාන සඳහා වේලාවන් නිවේදනය කරයි
Next Article බලපත්‍ර නොමැතිව ගිනිකෙළි ගණුදෙණු කිරීම සම්බන්ධයෙන් ඩිරාම් 100,000 ක දඩයක්, වසරක සිර දඬුවමක්
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.