ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා වරම් ලැබූ 51 වන කණ්ඩායම ලෙස රැකියා ලාභීන් 15 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම ඊ​යේ සිදුවිය.

ඒ, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම පිරිසට කාන්තාවන් 14 දෙනෙකු හා එක් පිරිමි පුද්ගලයෙකු අයත් වන අතර, මොවුන් 2023.04.23 දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

2022 අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 302 දෙනෙකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටව ගොස් තිබේ.

ඊශ්‍රායල් රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුමක​ට අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන අතර, ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වළකින ලෙසද කාර් යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Share.

Comments are closed.