ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත වර්තමාන අවශ්‍යතාවලට වඩාත් ගැලපෙන පරිදි සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස ව්‍යවස්ථාදායක කෙටුම්පත් සම්පාදකයාට උපදෙස් දී තිබෙනවා.

අද (අප්‍රේල් 25) පෙරවරුවේ කොළඹ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා මේ බව තහවුරු කලා.

Share.

Comments are closed.