Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»“එක්සත් අරාබි එමීර් රාජ්‍යය – ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය” ඔක්තෝබර් මස 20 සිට 29 දක්වා
Events

“එක්සත් අරාබි එමීර් රාජ්‍යය – ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය” ඔක්තෝබර් මස 20 සිට 29 දක්වා

Stanly KularathnaBy Stanly KularathnaApril 28, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සංවිධානය කෙරෙන “එක්සත් අරාබි එමීර් රාජ්‍යය – ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය” පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පසුගියදා පැවැත්වුණා.

මෙම වෙළෙඳ ප්‍රදර්ශනය 2023 ඔක්තෝබර් මස 20 සිට 29 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ RAK ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.

“පශ්චාත් වසංගත ලෝකයේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම” යන තේමාව යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය හා ශ්‍රී ලංකා සංචාරක කර්මාන්ත මණ්ඩලය එක්ව මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ගල්ෆ් තීරය සහ මැදපෙරදිග ආර්ථික සන්දර්භයන් තුළ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ආයතන සඳහා නව අවස්ථා ගවේෂණය කිරීම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ගල්ෆ් තීරයේ සහ මැදපෙරදිග රටවල සමාගම් හා ශ්‍රී ලාංකික සමාගම් අතර ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමත් ශ්‍රී ලංකා අපනයන අභිමුඛ නිෂ්පාදන සහ සේවා ප්‍රවර්ධනය කිරීම​ද මෙ​ම ප්‍රදර්ශන​යේ අරමුණු වේ.

මෙම ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයටත් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්ත මණ්ඩලයටත් අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් සියලු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ක්‍රමෝපායික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය සහ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරිහු ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා වාණිජ හා කර් මාන්ත මණ්ඩල සම්මේලනෙයේ හා ශ්‍රී ලංකා සංචාරක කර් මාන්ත මණ්ඩලයේ නිලධාරීන්​ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

Abu Dhabi Dubai Featured Sharjah Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකොළඹට බහු මහල් රථගාල් 4ක්
Next Article UAE හි රියදුරු බලපත්‍ර නිකුත්කිරීමේදී රටවල් 43 ​ක පදිංචිකරුවන් සඳහා පරීක්ෂණයක් අවශ්‍ය නොවේ
Stanly Kularathna

Related Posts

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.