සංචාරක කර්මාන්තය සම්බන්ධ කිරීමේ තුන්වන දශකය සමරන Arabian Travel Market (ATM) ප්‍රදර්ශන​යේ සන්ධිස්ථානයක් වන මෙම වසරේ, එමිරේට්ස් ගුවන් සේව​ය හවුල්කාරිත්වයේ සහ කැපවීමේ 30 වැනි වසරද සනිටුහන් කරයි.

වසර තිහකට පෙර ප්‍රදර්ශනය පළමු වරට විවෘත කරන විට, එමිරේට්ස් ගුවන් යානා 15 ක් නගර 30 කට පියාසර කර ඇති අතර මගීන් මිලියන 2 කට ආසන්න ප්‍රමාණයක් රැගෙන ගියේය. අද, එමිරේට්ස් ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන අතර, පුළුල් බ​ඳ සහි​ත ගුවන් යානා (wide-body aircraft) 200කට වඩා ප්‍රමාණයක් ගමනාන්ත 140කට වඩා සේවා සපයන අතර, සෑම වසරකම ලොව පුරා මිලියන සංඛ්‍යාත සංචාරකයින් සම්බන්ධ කරන අතර, ඩුබායි සංචාරක සහ ව්‍යාපාර සඳහා වඩාත් ගෝලීය වශයෙන් සම්බන්ධිත නගරයක් බවට පත් කරයි.

එමිරේට්ස් සිය නව්‍ය නිෂ්පාදන ලැයිස්තුව සහ රසික ප්‍රියතමයන් මෙම වසරේ 30 වන Arabian Travel Market (ATM) ප්‍රදර්ශන​යේ හිදී ප්‍රදර්ශනය කිරීමට සූදානම්ව සිටී.

මෙම වසරේ ගුවන් සමාගමේ ස්ථාවර තේමාව වන්නේ “සංචාරය යනු අවසාන ගමනාන්තය පමණක් නොවේ. ඔබ එහි යන්නේ කෙසේද යන්න නිර්වච​නය ​කරයි,” යන්නයි. Arabian Travel Market (ATM) ප්‍රදර්ශන​ හරහා සියලු පන්ති සඳහා එහි නවතම ප්‍රමු​ඛ නිෂ්පාදන ඉදිරිපත් කිරීමට සූදානම් වන අතර, කෘතිම බුද්ධිය භාවිත වන ගැලරිය මගින් සංචාරකයන්ට ඔවුන්ගේම, පුද්ගලීකරණය කළ ඩිජිටල් කලා නිර්මාණයන් කිරීමට හැකි වන අත්දැකීම් හඳුන්වා දීමට බලාපොරොත්තු වේ. එමිරේට්ස් විසින් ව්‍යාපාරය ඔස්​සේ සිදු කෙරෙන බොහෝ තිරසාර මුලපිරීම් කිහිපයක් ඉස්මතු කිරීමටද මෙහිදී කටයුතු කරණු ලබනවා.

Share.

Comments are closed.