Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment»විදේශ සේවා නියුක්ති කාර්යා​ංශය ගුවන්තොටුපල පරීක්ෂණ දැඩි කරයි
Foreign Employment

විදේශ සේවා නියුක්ති කාර්යා​ංශය ගුවන්තොටුපල පරීක්ෂණ දැඩි කරයි

Stanly KularathnaBy Stanly KularathnaMay 5, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් නීත්‍යානුකුල නොවන ලෙස විදේශ රැකියාවලට පිටත්ව යන ශ්‍රමිකයින් සහ එම මිනිස් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් ගුවන් තොටුපොලේදී හඳුනාගෙන නීතිය හමුවට පැමිණවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම වසරේ පළමු මාස තුන තුළ විදේශ රැකියා ජාවාරම්වලට ගොදුරු වූ වින්දිත කාන්තාවන් 170 දෙනෙකු සහ ජාවාරම්කරුවන් පිරිසක් කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපොලේ දී හඳුනාගෙන නීතිය හමුවට පැමිණ වීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර ඇත. එසේම තවත් කාන්තාවන් 8 දෙනෙකු ගුවන් තොටුපොල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී.

විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාළව මහජනතාවගේ ආරක්ෂාව උදෙසා අවශ්‍ය පුහුණුව, තාක්ෂණික දැනුම සහ සම්පූර්ණ කළ යුතු ලියවිලි සම්පූර්ණ නොකොට ඒ සඳහා සුදුසුකම් නොලබන පිරිස් විවිධ වංචනික ක්‍රම භාවිත කරමින් විදේශ රැකියා සඳහා පිටත්කර හැරීම පිළිබඳ සිදුවීම් පසුගිය කාලයේ වාර්තා වෙමින් පැවතිනි.

එහෙයින් මිනිස් ජාවාරම් මැඩ විදේශ රැකියා ක්ෂේත්‍රය දැඩි පාලනයකට ලක් කර නීත්‍යානුකූල ආකාරයෙන් පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් නව ක්‍රමවේදය ක්‍රියාවට නගා තිබේ. මෙම ක්‍රමවේදය මගින් පුහුණු ශ්‍රමිකයින් වැඩි වශයෙන් විදේශ රැකියා සඳහා යොමුකිරිම, විදේශ ගතවන ශ්‍රමිකයින්ගේ පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව රැකවරණය තහවුරු කිරීම අපේක්ෂා කෙරේ.

ඒ අනුව ලෝකයේ බොහෝ රටවල ශ්‍රම අවශ්‍යතා පුළුල් විම සහ විදේශ රැකියාවලට ලාංකිකයින් වැඩි වශයෙන් යොමු විමේ නව ප්‍රවනතා දඩමීමා කරගනිමින් වංචනික පිරිස් මිනිස් ජාවාරම්වල නිරත වි ඇති බව නිරීක්ෂණය වී තිබේ. කාන්තාවන් සහ පිරිමි පුද්ගලයින් රැකියා සඳහා පිටත් කර හරින බවට පවසමින් අසත්‍ය තොරතුරු ලබා දී මහජනයාගෙන් මුදල් වංචාකිරීම්, සාවද්‍ය ලේඛන සකසා රැකියා සඳහා නුසුදුසු අය විදේශ ගත කිරීමට තැත්කිරීම්, ගමන් බලපත්‍ර වීසා පත් වංචනික ආකාරයෙන් වෙනස් කිරීම් සිදුකරමින් ජාවාරම්කරුවන් මෙසේ නීතිවිරෝධි කටයුතුවල නිරත වී ඇති බව මේ පිළිබඳව සිදුකරන ලද පරීක්ෂණවලදී පෙනි ගොස් තිබේ. ජාවාරම් සඳහා ගොදුරු වූ අය මගින් මෙම ජාවාරම් මෙහෙයවන සැකකරුවන් හඳුනාගෙන නීතිය හමුවට පැමිණවීමට කාර්යාංශය තවදුරටත් පියවර ගනිමින් සිටී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපොළ නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිසිය, මිනිස්ජාවාරම් මැඩීමේ ඒකක​ය සහ ගුවන් තොටුපොළ ආරක්ෂක අංශය ද මෙම නීතිවිරෝධි කටයුතු පාලනය කිරීම සඳහා අවශ්‍ය සහාය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ලබා දේ.

ක්ෂේත්‍රය සුරක්ෂිත කරමින් නිත්‍යානුකූලව රැකියා සඳහා ප්‍රවේශ වීමට අවශ්‍ය වටපිටාව මහජනතාව වෙත පුළුල් වශයෙන් සකස්කර දී ඇති බවත් වංචනික පිරිස්වලට හසු වී රට රැකියාවලට යාමට උත්සාහකර වංචනිකයින්ගේ ගොදුරක් බවට පත් නොවන ලෙසත් කාර්යාංශය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් අබුඩාබි හි ක්‍රිකට් තරඟයක්
Next Article ඩුබායි ​එන යාපනයේ ඇඹුල් කෙසෙල්
Stanly Kularathna

Related Posts

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.