මැදපෙරදිග කලාපයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි ප්‍රමුඛ පුවත්පතක් වන කලීජ් ටයිම්ස් හි One-on-One විශේෂාංගය වෙනුවෙන් එය මෙහෙයවූ ටනීෂා ගලෝට් වෙත අදහස් දක්වමින් ​ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි ශ්‍රී ලංකා ​තානාපති උදය ඉන්ද්‍රරත්න මහතා ශ්‍රී ලංකාව වෙ​ත සංචාරකයින් නැවත ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකාවේ නව වැඩපිළිවෙළ ගැන අදහස් දැක්වූවා.

ටනීෂා : ​ආයුබෝවන්, කලීජ් ටයිම්ස් වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අප සමඟ අතිගරු උදය ඉන්ද්‍රරත්න මහතා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා. ඔහු සමහරක් කරුණු ගැන අපිත් එක්ක කතා කරන්නයි යන්නේ. ඒ ශ්‍රී ලංකාව විසින් සිදු කරන සංචාරක මුලපිරීම්, සංචාරකයින් රටට ආකර්ෂණය කර ගැනීම පිළිබඳ​ව. වත්මන් ආර්ථික අර්බුදයෙන් පටන් ගනිමු. එය සංචාරක කර්මාන්තයට බලපා ඇත්තේ කෙසේද?

ඉන්ද්‍රරත්න මහතා : ඔබ දන්නා පරිදි ශ්‍රී ලංකාවේ අපට විශාල අර්බුදයක් තිබුණා අපේ ප්‍රධාන ආදායම ලැබෙන්නේ සංචාරක ව්‍යාපාරයෙන්. COVID වසංගතයට පෙර රටතුල බෝම්බ පිපිරවීම් සහ පසුව COVID වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම හුදකලා වුනා. එය අපට අභියෝගාත්මක කාලයක් වුනා. කර්මාන්ත හා පසුව ආර්ථික අර්බුදය ආවා.

අප අභියෝග බොහොමයක් ජයගෙන තිබෙනවා. මම දැන් ඒක කියන්​න ගොඩක් සතුටුයි. ඔබ දන්නා පරිදි ශ්‍රී ලංකාව ඉතා ඔරොත්තු දෙන ජාතියකි. අපි​ට අලුත් ජනාධිපතිවරයෙක් ඉන්නවා, අපිට තියෙනවා ඉතා ඵලදායී නව කැබිනට් මණ්ඩලයක්, අපි ඉතා පරිස්සමින් තත්ත්වය හොඳින් විසඳා තිබෙනවා. අපි හොඳින් පාලනය කරගෙන යනවා. එය පරිකල්පනයන් ඉක්මවා ගොස් තිබෙනවා. අපගේ සංචාරකයින් ආපසු පැමිණ තිබෙනවා, ඇත්ත වශයෙන්ම බොහෝ හෝටල් පිරී ඇති අතර ඒ හා සමානව අපගේ ආර්ථිකය ඉතා වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකාව නැවතත් යතා තත්වය​ට ආවා කියලා කියන්න සතුටුයි.

ටනීෂා : ​සංචාරකයන් නැවත ලංකාව​ට ගෙන්වා ගැනීමට රජය ගෙන ඇති නව වැඩපිළිවෙළවල් මොනවාද?

ඉන්ද්‍රරත්න මහතා : අපිට අලුත් තරුණ, දීප්තිමත් සංචාරක ඇමැතිවරයෙක් ඉන්නවා. ඒ ගරු හරීන් ප්‍රනාන්දු ඇමතිතුමා. ඒ වගේම එතුමාගේ නායකත්වය යටතේ අප මුල පිරීම් ගොඩක් ​අරගත්තා.

ඒ වගේම සන්නාම තානාපතිවරුත් පත් කරලා තියෙනවා. සංචාරක ප්‍රවර්ධන ව්‍යාපාරයන් දියත් කොට ඇති අතර අපි අපගේ ගුවන් ධාරිතාව වැඩිකොට තිබෙනවා. ගුවන් සම්බන්ධතා ද වැඩි කර ඇති අතර ශ්‍රී ලංකාව නැවත පණ ගැන්වීමට සහ පුනර්ජීවනය කිරීමට සහ අපගේ සංචාරකයන් සංඛ්‍යාව නැවත ගෙන්වා ගැනීමට අපි සමස්ත සංචාරක වටිනාකම් දාමය දෙස බලා සිටිමු.

ටනීෂා : ශ්‍රී ලංකාව ලස්සන රටක්, ආර්ථික අර්බුදයෙන් පසු​ව යම් ආකාරයකට සංචාරකයින් නැවත රට තුළට පැමිණෙනවා. සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ කුමන රටවලින්ද?

ඉන්ද්‍රරත්න මහතා : ඉන්දියාව ඒ අතර ඉන්නවා නමුත් යුරෝපයෙන් ආපසු පැමිණෙනවා සහ ප්‍රධාන වශයෙන් යුරෝපීය රටවල් වල​ට උනන්දුව පැමිණ තිබෙනවා, රුසියාවද එසේමය, චීනයද එසේමය. ඒ නිසා මම හිතන්නේ එය ඇත්තෙන්ම විවිධයි. සාම්ප්‍රදායික වෙලඳපොලවල් ටිකෙන් ටික හුදකලා වුනා නමුත් නැවත පැමිණ තිබෙනවා. කොවිඩ්හි ප්‍රතිඵලයන් නිසා මම සෑම වෙළඳපල අවශ්‍යතාවයක්ම දකිනවා.

ඊළඟ​ට මැද පෙරදිග, මැද පෙරදිග ද වෙළෙඳපොළත් තිබෙනවා. ශ්‍රී ලංකාව මැද පෙරදිග සංචාරකයින්ට ඉතා ආකර්ශනීයයි. ඔවුන් ශ්‍රී ලංකාවට සහ එහි විවිධ සංස්කෘතීන්​ට බෙහෙවින් ප්‍රිය කරනවා.

ටනීෂා : ලංකාව ලස්සන රටක්, ඒ නිසා මම හිතන්නේ අපි සියල්ලන්ම විනිවිද යනවා වෙළඳපල වෙන්කර හඳුනා ගැනීමට,එකම තේමාව තුළ වෙනත් සංචාරක ගමනාන්ත වලින් ශ්‍රී ලංකාව වෙනස් වන ක්‍රම කියන්න?

ඉන්ද්‍රරත්න මහතා : මුලින්ම, අප දූපත් ජාතියක්. ලංකාව වගේ ලස්සන වෙනත් රටක් මම හිතන්නේ නැහැ ඇති කියලා. මම හිතන්නේ එය එතරම්​ම විවිධත්වයක් ඇති රටක් සහ විවිධත්වය ඉතා විශාලයි. කෙටි ගමන් දුරකින්, ඔබ කැමති ඕනෑම කාලගුණයක් සොයා ගන්න හැකියාව තිබෙනවා. මුහුදු වෙරළේ සිට සියලුම තේ වතු දක්වා. සීගිරි​ය, අනුරාධපු​ර වැනි ඓතිහාසික ස්ථාන, සහ බොහෝ දේ ගවේෂණය කර ගැනීම සඳහා රසවත් ස්ථාන තිබෙනවා.

ටනීෂා : සංචාරකයෙකු ලෙස ඔබට සිහින දැකිය හැක්කේ කුමක්ද?

ඉන්ද්‍රරත්න මහතා : ඔබට සඳහන් කළ හැකි ඕනෑම සංචාරක ගමනාන්තයක කේන්ද්‍රය වෙන්නේ මගේ රට. ඕනෑම රටක් මගේ රටට පරාජය වේවි. එය ඉතා ලස්සන හා ඉතා විවිධයි.

ටනීෂා : පොඩ්ඩක් කියන්න පුලුවන්නම් දැනටමත් මෙහි සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව ගැන. මැද පෙරදිග, ඔවුන්ට ශ්‍රී ලංකාවේ සන්නාම තානාපතිවරුන් විය හැක්කේ කුමන ආකාරයෙන්ද?

ඉන්ද්‍රරත්න මහතා : ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රජාවක්. UAE හි 330,000 ශ්‍රී ලාංකිකයන් සිටිනවා. එතකොට මෙහි දේශීය සහ විදේශිකයන් අපිට මිලියන 10කට ආසන්න ජනතාවක් ඉන්නවා. ශ්‍රී ලංකාව​ට තිබෙන්නේ පැය හතරක දුරක්. ලංකාව හරිම ආකර්ශනීයයි.

අපි කරන්න යන්​නේ ඉතාම උපාය මාර් ගික දෙයක්. මම මෙහි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරක ප්‍රවර් ධන කමිටුවක ප්‍රධානියා. සංචාරක වෙළඳ වෘත්තිකයන් 20 ක් එහි සිටිනවා. අපි එකට රැස්වෙලා, සාකච්ඡා කරලා, මොලය වෙහෙසලා ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට උපාය මාර්ග හදනවා සහ එය ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනු ඇති.

ඇත්තටම අද තමයි එහි දියත් කිරීම සිදුවන්නේ. අපි උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාව​ට නැවත සංචාරකයින් ගෙන්වා ගැනීමටයි. මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සංචාරකයින්ගේ පැමිණීමේ උච්චතම අගය 20% ක් පමණ වෙනවා. උච්ච​මස්ථානයට පැමිණීමට ඒ නිසා 80% වැඩි ප්‍රමාණයක් අප කටයුතු කල යුතුයි. නමුත් මම හිතන්නේ විභවය වඩා විශාලයි. එබැවින් අපි ප්‍රවර්ධනය කිරීමට කළ හැකි සෑම දෙයක්ම කරන්නෙමු. ප්‍රචාරණය වැඩි කිරීම, ධාරිතාව සහ සමාජ මාධ්‍ය පෙළගැස්වීම සහ ශ්‍රී ලංකාව විසින් කළ යුතු සියල්ල කරන්නෙමු. අපට අවශ්‍ය ආදර් ශමත් සංචාරක ව්‍යාපාරයක් බවට පත් කිරීමටයි. ශ්‍රී ලංකාව සුන්දර ගමනාන්තයක්.

ටනීෂා : මට විශ්වාසයි බොහෝ සංචාරකයින් ඔබ රටට පැමිණෙනු ඇති බවට. බොහොම ස්තුතියි තානාපතිතුමණී, මේ සාකච්ඡා​වේ කොටස්කරුවෙක් වුනාට.

ඉන්ද්‍රරත්න මහතා : ටනීෂා, බොහොම ස්තුතියි මෙහි පැමි​ණ මා සම්මුඛ සාකච්ඡාවකට සම්භන්ධ කරගත්තතා​ට. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මම සියලු දේ සාක්ෂාත් කර ගැනීමට හැකිවී​ම ගැන ඉතා ආඩම්බර වන අතර ඉතා සතුටු ගෙ​නදෙන කාරනයක්. ටනීෂා, අපි ඔබත් එක්ක වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ අනාගතයේදී ශ්‍රී ලංකාව ඉතා විශාල ලෙස ප්‍රවර්ධනය කිරීමට සහ ස්ථානගත කිරීමට. ඔ​බට බොහෝම ස්තූතියි.

Share.

Comments are closed.