Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»RTA, තිරසාර තාක්‍ෂණය සහ වත්කම් කළමනාකරණය පිළිබඳ නවෝත්පාදන සඳහා සම්මාන ලබා ගනී
RTA

RTA, තිරසාර තාක්‍ෂණය සහ වත්කම් කළමනාකරණය පිළිබඳ නවෝත්පාදන සඳහා සම්මාන ලබා ගනී

Stanly KularathnaBy Stanly KularathnaMay 10, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) පාලම් නඩත්තු කළමනාකරණ පද්ධතිය (BMMS) ව්‍යාපෘතිය සඳහා තිරසාර තාක්ෂණයේ නවෝත්පාදන කාණ්ඩය යටතේ ගල්ෆ් තිරසාර සම්මාන උළෙ​ල 2022 හි ජයග්‍රාහකයෙකු ලෙස නම් කරන ලදී. ඒ සමගම පදික වේදිකා නඩත්තු කළමණාකරණ පද්ධතිය (PMMS) සඳහා තක්සේරු කිරීමේ සහ සමීක්ෂණ තාක්ෂණ අංශයේ ඉහල​  ක්‍රියාකාරී – ව්‍යාපාර අනාගතය යටතේ 2022 Brandon Hall Excellence සම්මානය ද RTA විසින් දිනා ගන්නා ලදී.

BMMS

“RTA ඒ සෑම විටම ඵලදායි සහභාගීත්වයක් ලබා ගැනීමට සහ ජාත්‍යන්තර සම්මාන දිනා ගැනීමට උනන්දු වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස එහි පාලම් නඩත්තු කළමනාකරණ පද්ධතිය (BMMS) හි ගල්ෆ් තිරසාර සම්මාන 2022 දිනා ගත්තේය. එය පාලම්වල යටිතල පහසුකම් කළමනාකරණය කරන සහ නඩත්තු කරන විස්තීරණ පද්ධතියක් වන අතරම ස්ථානය, ජීවන චක්‍රය, තත්ත්වය සහ නඩත්තු ඉතිහාසය පිළිබඳ විවිධ පාලම් ආශ්‍රිත දත්ත නිරීක්ෂණය කිරීම සහ කළමනාකරණය කිරීම ඇතුලත් ​වේ. තවද, පාලම් ව​ල තත්ත්වය හා අවදාන​ම මත පදනම් වූ සහ පුරෝකථන ඔස්​සේ නඩත්තු කිරී​මේ කාර්යයන් සඳහා ප්‍රමුඛත්වය දෙන නඩත්තු සැලසුම් නිර්මාණය කිරීමට පද්ධතිය ක්‍රීයා කරයි.

දත්ත නිරවද්‍යතාවය සඳහා 95%

ඉහළම මෙහෙයුම් කාර්යක්ෂමතාවයෙන් වත්කම් රැ​ක ගනිමින් බහුවිධ නඩත්තු කටයුතු සඳහා ඉදිරි වසර හතර තුළ නඩත්තු වියදම් ප්‍රශස්ත ලෙස සැලසුම් කිරීම සඳහා පද්ධතිය ක්‍රියා කරයි. පරීක්ෂණ කටයුතු වේගවත් කිරීම සඳහා පද්ධතියට සෘජුවම සම්බන්ධ කර ඇති ටැබ්ලට් භාවිතයෙන් ක්ෂේත්‍ර පරීක්ෂණ ව​ල දත්ත ඇතුළත් කිරීමෙන් සම්ප්‍රදායික ක්‍රමවලට සාපේක්ෂව දත්ත වල නිරවද්‍යතාවය 95% කින් වැඩි කිරීමට එය දායක ​වේ.

PMMS

පදික වේදිකා නඩත්තු කළමනාකරණ පද්ධතිය (PMMS) ව්‍යාපෘතිය පිළිබඳ ඉදිරිපත් කිරීමක් වෙනුවෙන් RTA Brandon Hall Excellence Award 2022 දිනා ගත්තේය. එය මාර්ග තත්ත්‍වය, නඩත්තුව සහ පදික වේදිකා තක්සේරු කිරීම, පදික වේදිකා නඩත්තු කළමණාකරණය පිළිබඳ විශේෂඥතාව සහ සියලු මාර්ග සඳහා පදික වේදිකා තේරී​ම සහ පරීක්ෂා කිරීම, වත්මන් පදික වේදිකාවේ තත්ත්වය වාර්තා කිරීම සහ පදික වේදිකා වල සිදුවන හානි හඳුනාගැනීම සඳහා සකස් කර ඇති පුළුල් ස්වයංක්‍රීය පද්ධතියකි. පදික වේදිකාවේ මෙහෙයුම් චක්‍රය තුළ, ඉදිකිරීම් දිනය, මෙහෙයුම් තත්ත්වය සහ නඩත්තු ක්‍රියා පටිපාටිවලට අදාළ දත්ත ඇතුලත් ​වේ.

97% ක පරීක්ෂණ දත්ත නිරවද්‍යතාවක්

පදික වේදිකාවල ගල් ඇතුරුම් වැදගත් ක්‍රියාකාරී වටිනාකමකින් යුක්ත වන අතර ඒවා ක්‍රියාකාරී මෙහෙයුම් තත්ත්වයක පවත්වා ගැනීමට සහ පරිශීලකයින්ට අවශ්‍ය ආරක්‍ෂාව සහ සුවපහසු මට්ටම් සපුරාලීමට ශක්‍ය වන පරිදි ඒවායේ ආර්ථික හා තාක්‍ෂණික නඩත්තු ක්‍රම උපලේඛනගත කිරී​ම සිදු කෙරේ. එබැවින්, පදික වේදිකාවල වත්මන් තත්ත්වය පිළිබඳ සමීක්ෂණය උසස් තාක්ෂණය භාවිතයෙන් ස්වයංක්‍රීය ක්‍රමයක් බවට පත් කරන ලදී. එය මාර්ග මතුපිට තත්ත්ව දත්ත රැස් කිරීම සඳහා උසස් තත්ත්වයේ ලේසර් ස්කෑනිං ක්‍රමවේදයක් භාවිතා කරයි, ක්ෂේත්‍ර පරීක්ෂණ කාලය 400% දක්වා අඩු කිරීමෙන් සහ ස්වයංක්‍රීය පරීක්ෂණ දත්තවල නිරවද්‍යතාවය වැඩි කිරීමෙන් මාර්ග ජාල තත්ව පරීක්ෂාවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට විශාල කාර්යභාරයක් ඉටු කරයි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යය, ලෝකයේ සමාජ මාධ්‍ය අගනුවර ලෙස නම් කරයි
Next Article ශ්‍රී ලංකන් කොටස් ප්‍රමාණයක් ටාටා සමාගමට?
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.