එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ කල් ඉකුත් වූ වීසා ඇති අයට ලංකාව වෙත යාම​ට පහසුකම් සලසන වැඩපිළිවෙලක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් මේ දින වල ක්‍රියාත්මක කොට ඇති බව සහ විසිට් වීසා දඩ සඳහා 90% දක්වා වට්ටමක් ලබා ගත හැකි ක්‍රමවේදයක් Amer Center මගින් ලබාගතහැකි බවත් සඳහන් ව​න වීඩියෝවක් මේ දින වල Facebook ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා.

මේ පිළිබඳව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් අප විමසූ විට විට ඔවුන් පවසා සිටි​යේ වින්දිතයන්ට ශ්‍රී ලංකාවට යාම​ට ඉහත සඳහන් පහසුකම් සලසන ​ක්‍රමවේදයක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මේ දිනවල ක්‍රියාත්මක නොවන බවත් වීඩි​යෝවේ සඳහන් වන ක්‍රමවේදය මීට කලකට ඉහතදී ක්‍රියාත්මක වූ එකක් බවත්ය.

වීඩි​යෝවේ අදහස් පලකල අමර් සෙන්ටර් නීති උපදේශිකා කෝසලා විජේරත්න මහත්මි​ය මීට ෆේස්බුක් සටහනක් තබමින් කියා ඇත්තේ සංසරණය වන වීඩියෝව පැරණි එකක් බවයි.

ඉහත ක්‍රමවේදයන් දෙකම දැන් ක්‍රියාත්මක නොවන නිසා සහන පතා තානාපති කාර්යාලයට හෝ Amer Center වෙත නොයන ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටිමු.

වින්දිතයන්ට යම් සහනයක් ගෙන දෙන එවැනි අළුත් තොරතුරක් වේ අප වෙබ් පිටුව හරහා ඉදිරියේදී ඔබ දැනුවත් කිරීමට කටයුතු කරන්නෙමු.

Share.

Comments are closed.