එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙස්ලි විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ‘Project BluePrint’ නමින් පුද්ගල සංවර්ධන වැඩමුළුවක් 2023 මැයි 14 දින පෙ.ව. 9:00 – සවස 4:00 දක්වා Novotel – Al Barsha හෝටලයේදී පැවැත්වෙනවා.
Project BluePrint පුද්ගල සංවර්ධන වැඩමුළුව හරහා
- ශ්‍රී ලාංකීය විදේශිකයින් ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ අරමුණ සහ පැහැදිලි බව දිරිමත් කිරීමටත්
- විවෘත හා අවංක සාකච්ඡාවකට මුල පෑදීමටත්
- මූල්‍ය දුෂ්කරතාවලට විසඳුම් සෙවීමටත්
- සාම්ප්‍රදායික නොවන වෘත්තීය මාර්ග සලකා බැලීම මෙන්ම ජාලකරණයටත්
- ව්‍යවසායකත්ව චින්තනය සහ මානසික සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා අවස්ථාවන් ගොඩනැගීමටත් බලාපොරොත්තු වේ.
එහිදී සහභාගිවන්නන්ට තම සීමාවෙන් පිටත සිතීමට, ව්‍යවසායකයෙකුගේ භූමිකාව භාර ගනිමින් සැබෑ ලෝකයේ ගැටළු සඳහා නිර්මාණාත්මක විසඳුම් ජනනය කිරීමට දිරිමත් කරනු ඇත. මෙමගින් ව්‍යාපාර සහ රැකියා ක්ෂේත්රයේ නවෝත්පාදන, නිර්මාණශීලිත්වය සහ ගැටළු විසඳීමේ හැකියාවේ වැදගත්කම වඩා හොඳින් අවබෝධ කර ගැනීමට සහභාගිවන්නන්ට උපකාර කිරීම අරමුණු කරයි.
වැඩි විස්තර සඳහා
අෂාන් මුසාෆර් මහතා – 05 0506 1989
ඉස්තියාක් රාසික් මහතා – 05 2960 0045 අමතන්න.