Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Notice»ඩුබායිහි පාවෙන පාලම (floating bridge) නැවත දැනුම් දෙන තුරු වසා තබන බව RTA නිවේදනය කරයි
Notice

ඩුබායිහි පාවෙන පාලම (floating bridge) නැවත දැනුම් දෙන තුරු වසා තබන බව RTA නිවේදනය කරයි

Stanly KularathnaBy Stanly KularathnaMay 21, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය (RTA) පැවසුවේ, “පාළමේ නඩත්තු කටයුතුවල කාර්යක්ෂමතාව සහතික කිරී​මේ තාක්ෂණික පරීක්ෂණ සිදු කිරීම​ට, පාවෙන පාලම වසා දැමීම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කර ඇත.” යනුවෙනි.

එම සැලැස්මට Al Maktoum පාලම, Infinity Bridge සහ Al Garhoud පාලම ඇතුළත් වේ. ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් පාර සහ එමිරේට්ස් පාර වැනි ප්‍රධාන මාර්ගවලට අමතරව අල් ඉතිහාඩ් වීදියේ සිට පැමිණෙන මෝටර් රථ සඳහා අල් මම්සාර් වීදියේ පිටවීම RTA විසින් පහත පරිදි විවෘත කරනු ඇත.

  • සාජා සිට අල් ඉතිහාඩ් වීදිය හරහා ගමනාගමනය: කයිරෝ සහ අල් ඛලීජ් වීදි හරහා Infinity Bridge වෙත ප්‍රවේශය පහසු කිරීම සඳහා (පෙර බස් රථ සහ කුලී රථ සඳහා සීමා කර තිබූ) විවෘතව ඇති අල් මම්සාර් පිටවීම භාවිතා කිරී​ම.
  • ඩේරා සිට බර් ඩුබායි දක්වා අල් ඛලීජ් වීදිය හරහා ගමනාගමනය: Infinity Bridge භාවිතා කිරී​ම.
  • සාජා සිට අල් ඉතිහාඩ් පාර හරහා බර් ඩුබායි දක්වා ගමනාගමනය: කයිරෝ සහ අල් ඛලීජ් වීදි හරහා Infinity Bridge මෙන්ම Al Garhoud Bridge හෝ Al Maktoum Bridge භාවිතා කිරීම.
  • බර් ඩුබායි සිට ඩෙයිරා වෙත කාලිඩ් බින් අල් වලීඩ් වීදිය හරහා ගමනාගමනය: Al Maktoum Bridge සහ Infinity Bridge භාවිතා කිරීම.
  • බර් ඩුබායි සිට ඩෙයිරා වෙත Umm Hurair පාර හරහා ගමනාගමනය: Al Maktoum Bridge භාවිතා කිරීම.
  • බර්ඩුබායි සිට ඩෙයිරා දක්වා ෂෙයික් සයීඩ් පාර හරහා ගමනාගමනය: Al Garhoud Bridge, Al Maktoum Bridge, Infinity Bridge සහ Business Bay හරස් මාර්​ග භාවිතා කිරීම.
  • බර් ඩුබායි සිට ඩේරා දක්වා Oud Metha පාර හරහා ගමනාගමනය: Al Maktoum Bridge සහ Al Garhoud Bridge භාවිතා කිරීම.
  • බර් ඩුබායි සිට ඩෙයිරා දක්වා අල් රියාද් වීදිය හරහා ගමනාගමනය: Al Maktoum Bridge භාවිතා කිරීම.
  • බර් ඩුබායි සහ ඩීරා අතර ගමන් කරන මෝටර් රථ ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් පාර සහ එමිරේට්ස් පාර වැනි ප්‍රධාන මාර්ග භාවිතා කළ හැකිය.

Dubai floating bridge වසා දැමීමේදී සුමට ගමනාගමනය සහතික කිරීම සඳහා රථවාහන ගමනාගමනය අධීක්ෂණය කර කළමනාකරණය කරන බව අධිකාරිය පවසා ඇත.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAEහි නව රථවාහන නීති : කඩ කිරීම සඳහා ඩිරාම් 2,000 දක්වා දඩයක්, වාහන​ය රාජසන්තක කෙ​රේ
Next Article සියලුම එමිරේට්ස් ගුවන් මගීන්ට නොමිලේ WiFi
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.