ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන සියලුදෙනාට අපහසුතාවයකින් තොරව අවශ්‍ය සේවාව ලබාදීමට මේවන විට කටයුතු යොදා ඇති බව ආගමන විගමන පාලක ජනරාල්, හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, ගිය සතියේ පැවති තදබදය මේ වනවිට පහව ගොස් ඇති බවය.

මේ අතර සේවාවන් ලබාගැනීමට පැමිණෙන ජනතාව කිසිදු අවස්ථාවක තැරැව්කරුවන්ට හසුවෙන ලෙස කටයුතු නොකරන ලෙසද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ වනවිට ප්‍රාදේශීය කාර්යාල තුළ ද එක්දින සේවය ස්ථාපිත කර ඇති නමුත් ජනතාව බොහෝ අවස්ථාවලදී ප්‍රධාන කාර්යාලයට පමණක් පැමිණීම හේතුවෙන් මෙලෙස දැඩි තදබදයක් නිර්මාණය වන බව ද ආගමන විගමන පාලක ජනරාල්වරයා පැවසීය.

“ජනතාවට අතරමැදියන්ට සම්බන්ධවීමට කිසිදු අවශ්‍යතාවයක් නෑ. කෙලින්ම දෙපාර්තමේන්තුවට එන්න. ආපුවහම උදේ පාන්දරම ඒ අයව ගන්නවා. අරගෙන ඒ අයට ටෝකන් එකක් දීලා අදාළ කවුන්ටරයට යොමු කරනවා. දවසේ පැය කිහිපයක් ඇතුළත ඔවුන්ට ගමන් බලපත්‍රය අරගෙන නිවසට යන්න පුළුවන්. ජූනි මාසයේ නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කලවි​ට මම හිතනවා ගෙදර ඉඳලම ඉතාම පහසුවෙන් කෙනෙකුට අපේ කාර්යාලයට ගිහින් ඡායාරූප අරගෙන ඇඟිලි සලකුණු දීලා ගෙදර ඉඳලම එයාට ගමන් බලපත්‍රය ගෙන්වා ගන්න පුළුවන්. එතනදි අපිට අතරමැදියන් සම්බන්ධවෙන එක නවත්තලා හොඳ සේවාවක් දෙන්න පුළුවන් වෙයි.”

Share.

Comments are closed.